මානවහිතවාදී විජයගේ ලෙයින් තෙත් වූ දම්පාට ධජය ජාතිවාදීන්ගේ පා ගමනකට පාවිච්චි කිරීම වැරදියි. – ජාතික මහජන පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් සමන් ධර්මප‍්‍රිය

ජතික මහජන පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් සමන් ධර්මප‍්‍රිය මහතා විසින් ඉහත ප‍්‍රකාශය කළේ, පසුගිය දා නුවර සිට කොළඹට පැමිණි ඒකාබද්ධ විපක්‍ෂයේ පා ගමනේ දී එක්තරා පිරිසක් විසින් අභාවප‍්‍රාප්ත විජය කුමාරතුංගයන්ගේ රුවත්, විජයගේ නායකත්වයෙන් නිර්මාණය කරන ලද ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂයේ වර්ණය වන දම්පාට ධයත් එම පෙළපාලියේ ගෙනයාමට විරුද්ධත්වය ප‍්‍රකාශ කිරීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය. මෙම මාධ්‍ය හමුවට පක්‍ෂයේ කාන්තා අංශයේ අනුශාසක විජය කුමාරතුංගගේ සොහොයුරිය රූපා කුමාරතුංග, පක්‍ෂයේ ලේකම් ආචාර්ය රෝහණ පී. ප‍්‍රනාන්දු, උප සභාපති ලයනල් ගූමියන්ගොඩ, නියෝජ්‍ය ලේකම් මනෝජ් රූපසිංහ, උපදේශක රුවන් දනන්සූරිය, උප සභාපති ලක්‍ෂ්මන් ධර්මසිරි, පක්‍ෂයේ උප සභාපති එම්.ඉසෙඞ්.එම්. මකාරිම්, දේශපාලන මණ්ඩල සභික කේ.එම්. ජයවීර යන මහත්ම මහත්මීන් සහභාගී විය.
විජය කුමාරතුංග කියන්නේ මේ රටේ හිටිය ඉතාමත් ජනප‍්‍රිය, ඉතාමත් දක්‍ෂ ජනකාන්ත නළුවෙක්. ඒ වගේම ඔහු ඉතාම ලස්සන පුද්ගලයෙක්. අපි ඔහු වටා රොක්වුනේ ඔහුගේ තිබුණු ජනප‍්‍රියකමටවත්, රූපෙ ලස්සනටවත් නෙමෙයි. රුව වගේම ලස්සන හදවතක් ඔහුට තිබුණ නිසයි අපි ඔහු වටා රොක්වෙලා ආරම්භක ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂයට සම්බන්ධ වුනේ. ශ‍්‍රී ලංකාවේ එදා මෙදා තුර අනන්ත දේශපාලඥයන් හිටියත්, දැක්මක් තිබුණ, දර්ශනයක් තිබුණ දේශපාලන දර්ශනවාදියෙක් විදිහට විජයව හඳුන්වන්න පුළුවන්. විජය මේ රටේ ගොවියා, කම්කරුවා, රජයේ සේවකයා, ධීවරයා ගැන කතා කෙරුවා වගේම ඔහු ජාතිවාදයට විරුද්ධවත් සටනක් ගෙනිච්චා. ඒක උඩුගම් බලා පීනනවා වගේ වැඩක්. ඒත් විජය ඒකහිතින්ම ඒක කෙරුවා.
බෝහෝ දේශපාලඥයන් ජනතාව අමතනකොට ජාතිය, පංතිය, කුලය ගැන බලල තමයි ඔවුන්ව ආමන්ත‍්‍රණය කරන්නේ. විජය එහෙම නෑ. විජයට ජාති, ආගම්, කුල, පංචි භේද කිසිවක් තිබුණෙ නෑ. ඔහු මේ රටේ සමස්ථ ජනතාවටම එක වගේ ආදර කෙරුව. ඔහුගේ හිත තුල සැබෑ මානව හිතවාදයක් තිබුණ.
අපි දන්නවා මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාට පරාජය වෙලා තනතුර දාලා යන්න සිද්ධ වුනේ එතුමාගේ ජාතිවාදි ප‍්‍රතිපත්ති නිසා. යුද්ධය අවසන් කෙරුවට පස්සෙවත් එතුමා රටේ සියලූම ජාතීන්ට එක හා සමානව සැලකුව නම්, ජාති භේදයකින් තොරව වැඩ කෙරුව නම්, එතුුමා ට තනතුර දාලා යන්න වෙන්නෙ නෑ. එතුමා බැලූවේ යුධ ජයග‍්‍රහණය මත සිංහල ජාතියේ ප‍්‍රසාදය දිනා ගෙන යළිත් බලයට පත් වීමටයි. ඒක එතුමගේ වරදක් නෙමෙයි. එතුමාව එතනට තල්ලූ කෙරුවෙ එතුමා වටේ ඉන්න ජාති වාදී කොටස්.  තනියෙන් තර`ග කරල පාර්ලිමේන්තු ආසනයක් තියා පළාත් සභා ආසනයක්වත් දිනා ගන්න බැරි කොටස් අද එතුමට හේත්තුවෙලා ජාතිවාදය තුළින් බලයට එන්න වලිකනව. ඔවුන්ට මේ රටේ සිංහල හැර සෙසු ජාතීන් මේ රටේ පුරවැසියන් විදිහට පේන්නෙ නෑ. ඔවුන්ට එහෙම දකින්න බැහැ. ඔහුන්ගේ පැවැත්ම තියෙන්නෙ ජාතිවාදය මත. ඔවුන්ගේ පරාජයට හේතු වෙන්නෙත් ඒ ජාතිවාදයමයි.
මේ ජාතිවාදීන්ට  ඕනකම තියෙනව මේ රටේ ජනතාවගේ ජාතිවාදය අවුස්සල බලයට එන්න. පසුගියදා නුවර සිට කොළඹට ආව ඒකාබද්ධ විපක්‍ෂයෙ පාගමනත් ජාතිවාදී විමල් වීරවංශල, දිනේෂ් ගුනවර්ධනලගෙ  ඕනකමට සංවිධානය කරපු එකක්. ඒ පා ගමන ඉතාම අසාර්ථක එකක්.  එහි කිසිම ජවයක් තිබුණෙ නෑ. නොමිලේ බස් දුන්න පලියට සෙනග ආවා. බත් පැකට් එකයි, තව ඇ`ග රත්වෙන ඒවයි දුන්නම චාර්ජ් එක තියෙන කම් කෑ ගහ ගහ ආවා. ඒ මිසක් ඒක හැ`ගීමකින් ආව පා ගමනක් නෙමේ.   ඕන කෙනෙකුර පා ගමන් යන්න අයිතියක් තියනව. ඒ අයිතිය අපි පිළිගන්නව. අපි ඒකට විරුද්ධ නෑ. අපි විරුද්ධ වෙන්නේ ජාතිවාදය කරපින්නාගෙන, රටේ තවත් ජාතියකට විරුද්ධව කටයුතු කරන, ජාතිවාදීන් පිරිසක් සංවිධානය කරපු පෙළපාලියක විජය කුමාරතුංග වැනි මානව හිතවාදියෙක් විසින් නිර්මාණය කරන ලද ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂයේ ධජය වන දම්පාට ධජයත්, ඒ මානව හිතවාදී විජයගේ රුවත් රැුගෙන යාම ගැනයි. ඒක ඝාතනය වූ විජයගේ චින්තනය ද ඝාතනය කිරීමක් වශයෙන් අපි හඳුන්වන්න කැමතියි. අපි අද මේ මාධ්‍ය හමුව පවත්වන්නේ එයට විරුද්ධත්වය පළ කරන්නයි. විජය වගේ ශ්‍රේෂ්ඨ මානවහිතවාදියෙක්ගෙ රුවත්, පක්‍ෂයේ ධජයත් එක් එක් එක්කෙනාට උවමනා විදිහට පාවිච්චි කරන්න දෙන්න බෑ. එය ඝාතනය වූ විජයගේ චින්තනය ද ඝාතනය කිරීමක්.

ඝාතනය වූ විජයගෙ චින්තනයත් ඝාතනය කරන්න එපා
ජාතික මහජන පක්‍ෂයේ කාන්තා උපදේශක රූපා කුමාරතුංග

මම විජය කුමාරතුංගගේ සහෝදරිය, ආරම්භක ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂයේ ක‍්‍රියාකාරිනියක් විදිහට වැඩ කරපු කෙනෙක්. මම වැඩ කෙරුවෙ කාන්තා සංවිධානයේ. අපිට ඉතාමත් ශක්තිමත් කාන්තා සංවිධානයක් තිබුණ. කාන්තා සංවිධානය වගේම අපේ පක්‍ෂයේ සියලූම අංශවලට ඉතාමත් ශක්තිමත් සංවිධාන තිබුණ. අපි මේ රටේ තුන්වෙනි බලවේගය බවට පත් වුණේ ඉතාම කෙටි කලකින්. අනිත් පක්‍ෂවලින් අපේ පක්‍ෂය වෙන් වුනේ මේ රටේ ජාති, ආගම්, කුල භේදයකින් තොරව සියලූම දෙනා වෙනුවෙන් පෙනීසිටි පක්‍ෂයක් නිසයි.
ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂයේ නිර්මාතෘ මගේ මල්ලී විජය කතා කෙරුවෙ තමන්ගේ හදවතට එක`ගව. ඔහු අපි සමග විහිළුවෙන් තහලූවෙන් ආශ‍්‍රය කරද්දිවත්, පවුලේ වැඩකටයුතුවලදීවත් කිසිම ආගමක්, ජාතියක්, කුලයක් හෑල්ලූවට පත් කරල කතා කෙරුවෙ නෑ. ඔහු නිතරම කතා කෙරුවේ සියලූම දෙනාගේ අයිතිවාසිකම් වෙනුවෙන්. අපේ පක්‍ෂයට තමයි උතුරෙත්, දකුණෙත් රටේ හැම තැනමත් එකම දේශපාලනයක් තිබුණේ. එහෙම උතුම් මානව හිතවාදයක් තිබුණ පක්‍ෂයක නායකයෙක්ගෙ රුව ජාතිවාදීන්ගේ පාගමනක ගෙනයාම ගැන අපිට හිතට අමාරුයි. ඒක නින්දිත පාවාදීමක්.  ඕන කෙනෙක්  ඕන පෙළපාලියක් ගියාට අපේ විරුද්ධත්වයක් නෑ. අපි කියන්නේ ඝාතනය වූ විජයගේ චින්තනයත් ඝාතනය කරන්න එපා කියලයි.
විජයගේ රුව විතරක් නෙමෙයි ටී.බී. ඉලංගරත්න, චම්ලි ගුණවර්ධන, ඔසී අබේගුණසේකර, වයි.පී.සිල්වා ඇතුළු අද ජීවතුන් අතර නැති ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂයේ ආරම්භක ක‍්‍රියාකාරීන් රැුසකගේ රුව එම පෙළපාලියේ රැුගෙන ගියා. ඒකාබද්ධ විපක්‍ෂයට යළි හදිස්සියෙ බලයට පැමිණීමේ උවමනාවක් ඇති. ඒ වගේම ඔවුන්ට මුක්කු ගහගෙන ඉන්න අද මහජන පක්‍ෂයට උරුම කම් කියන කණ්ඩායමටත් උවමනාවක් ඇති ඔවුන් බලයට පත්කරල යම් යම් වාසි ලබාගන්න. එහෙත් අපි කියන්නේ ඒකට අභාවප‍්‍රාප්ත විජය කුමාරතුංගගේ රුව අව භාවිතා කරන්න එපා කියලයි.

මුදලිගේ රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *