ලසන්ත ඝාතනය , උපාලිට පහරදීම එකම කල්ලියේ වැඩ බව තහවුරුයි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයත් , උපාලි තෙන්නකෝන්ට පහර ඩි මරා දැමීමට තැත් කිරීමත් එකම කණ්ඩායමක වැඩ බව තහවුරු වී ඇති බව රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වා ඇත . මෙම අපරාධ දෙකම සදහා පැමිණි පිරිස භාවිත කළ ජංගම දුරකථන පහක දත්ත පරික්ෂා කිරීමෙන් මෙම තොරතුරු හෙළිදරවු වන බව රහස් පොලිසිය කියයි . ලසන්ත ඝාතනය කළ අවස්ථාවේ එම ප්‍රදේශයේ ක්‍රියාත්මකව තිබු මෙම දුරකථන , උපාලිට පහරදෙන අවස්ථාවේ හා අසන්න කාලයේ එම ප්‍රදේශය අවට ක්‍රියාත්මක වී ඇත . මෙම අපරාධ සම්බන්ධයෙන් එක් අයකු අත් අඩංගුවේ සිටින අතර ඉතිරි සැක කරුවන් අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදු කරමින් පවතියි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *