මේ සමාජයේ පිළිකා වර්ග දෙකක් තියෙනව එකක් කායික පිළිකා. අනික ජනවාර්ගික ප‍්‍රශ්නය නමැති මානසික පිළිකා – ප‍්‍රවීන මාධ්‍යවේදී සුනන්ද දේශප‍්‍රිය

මේ සමාජයේ පිළිකා දෙකක් තියෙනව එකක් කායික පිළිකා. එය සුවපත් කළ හැක්කේ වෛද්‍ය ක‍්‍රම මගින්. අනික ජනවාර්ගික ප‍්‍රශ්නය නමැති මානසික පිළිකාව. මේ පිළිකා දෙකම නිසි කලට හඳුනාගෙන, නිසි විදිහට ප‍්‍රතිකා කෙරුවොත් සුව කළ හැකියි.
ප‍්‍රවීන මාධ්‍යවේද සුනන්ද දේශප‍්‍රිය මහතා එසේ ප‍්‍රකාශ කළේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ දේශපාලන කාන්තා අංශ නායිකා තමලිනී විසින් ද්‍රවිඩ බසින් රචනා කරන ලද ග‍්‍රන්ථයක සිංහල පරිවර්තනය වන ‘තියුණු අසිපතක සෙවන යට කෘතිය අලෙවියෙන් ලැබුණු ලාභයෙන් රුපියල් ලක්‍ෂ 3ක බෙහෙත් ද්‍රව්‍ය පරිත්‍යාගයක් මහරගම පිළිකා රෝහලේ අපේක්‍ෂා මැදුරට පරිත්‍යාග කිරීම සඳහා පැවති චාම් උත්සවයේදීය.
මෙම උත්සවයට ‘තියුණු අසිපතක සෙවන යට’ කෘතිය ප‍්‍රකාශයට පත් කරන ලද ත‍්‍රීකෝනී සංස්කෘතික පර්ෂදයේ අධ්‍යක්‍ෂ ප‍්‍රවීන කලාකරු ධර්මසිරි බණ්ඩාරනායක, තමලිනීගේ සැමියා ජෛයකුමාර් මහාරාජ්, අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂ විල්ප‍්‍රට් කුමාරසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ. එහිදී තවදුරටත් කතා කළ සුනන්ද දේශප‍්‍රිය මහතා මෙසේ ප‍්‍රකාශ කළේය.
මම අයිති වෙන්නේ මේ රටේ සන්නද්ධ අරගලයේ පළවෙනි පරම්පරාවට. ඒ දවස්සවල පත්තර කියෙව්වොත්, සිංහල ත‍්‍රස්තවාදීන්ගේ පළවෙනි පරම්පරාවට. ඒ 1971 අරගලයේ සාමාජිකයෙක් විදිහට. තමලිනී අයිතිවෙන්නෙ ඒකේ අන්තිම පරම්පරාවට. මේක අවසානයක් විය යුතුයි. අපි තමයි පටන්ගත්තෙ ආයුධ අරගෙන පොලිසීය එක්ක ගහගන්න. ඒක විශාල ඛේදවාචකයක් වුණා 1971, 1985, 1990 ගණන් දක්වා. මට මේ අවස්ථාවට සහභාගිවීමට ඇරයුම් කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා. මොකද මේ පරම්පරා ගණනාවක කතාවක් තමයි මේ පොත ඇතුළෙ තියෙන්නෙ.
මෙතෙදි කතාකරපු ධර්මසිරි බණ්ඩාරනායක, ජෛ්‍යකුමාරන් මහාදේවන්, අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂ විල්ප‍්‍රට් කුමාරසිංහ මේ හැම කෙනෙක්ම කියපු දෙයක් තමයි අපි කොහොමද මේ සමාජය සුවපත් කරන්නෙ කියන කාරණය. දකුණෙ ප‍්‍රශ්න තියනව. උතුරෙ ප‍්‍රශ්න තියනව. මේ සමාජය සුවපත් කළ යුත්තේ කොහොමද? මගෙත් අත්දැකීමක් වෙච්ච වැදගත් කොටසක් මේ පොතේ තියෙනව. තමලිනී කියන්නෙ එල්.ටී.ටී.ඊ.යත් එක්ක සමාසාකච්ඡුා පැවැත්වෙද්දි 2002 – 2004ත් අතර තමලිනී හිටියෙ කාන්තා අංශයේ. එයාලා කතා කෙරුවේ කුමාරි ජයවර්ධන වගේ අයත් එක්ක. එයා කියනවා ‘ප‍්‍රධාන සාකච්ඡුාවල ආයු කාලය කොතරම් කාලයක් පවතීද යන්න ප‍්‍රශ්නාර්ථයක්ව පැවති තත්ත්වයක් තුළ කාන්තාවන් විසින් කරනු ලබන විසඳුම් අධික ලෙසින් ප‍්‍රගතියක් ඇති කරනු ලබයි යන්න ඇත්තෙන්ම මා තුළ විශ්වාසයක් පැවතියේ නැත. එහෙත් මෙවන් කාන්තාවන්ගේ ප‍්‍රශ්න ගැන වෙනත් සමාජයක කාන්තාවන් සමග විවෘත මනසකින් කතා කිරීමට හැකිවීම ගැන, දේශපාලනයට ඔබ්බෙන් යුද්ධය නිසා කාන්තාවන් මුහුණ දෙන ප‍්‍රශ්න පිලිබඳව සමාන සමාජ ආකල්ප සහිත විවිධ පාර්ශවයන් සමග අදහස් හුවමාරු කරගැනීමට හැකිවීම ඉතාමත් වෙනස් අත්දැකීමක් විය. හමුවීම් අවසානයේ අප අතර තිබූ මතවාදීම වෙනස්කම් වලට වඩා එක`ගතාවයක් හා පුද්ගලික මිත‍්‍රත්වයක් වර්ධනය කර ගැනීම, හමුවීම අවසානයේ දී අප අතර පැවති අදහස් හා වෙනස් කම් කොහෙදෝ සැ`ගව ගියාදැයි දැනුනි. සම හැ`ගීම පෞද්ගලික මිත‍්‍රත්වය මතු වී ඇති බව දැනෙන්නට විය.’ මෙන්න මේක තමයි අපට අවශ්‍ය. අපි දෙමළ මිනිස්සු අඳුරගත්තොතත්, දෙමළ මිනිස්සු සිංහල මිනිස්සු අඳුරගත්තොතත්, මුස්ලිම්  මිනිස්සු දෙමළ සිංහල මිනිස්සු අඳුර ගත්තොත් පෞද්ගලිකව අප අතර සම්බන්ධයක් විදිහට අඳුර ගත්තොත් මම හිතනවා මේ සුවපත් කිරීම ගොඩක් දුරට කරන්න පුළුවන්.
අපි අවස්ථාවකදී කුරුණෑගලට දෙමළ ජනතාව 300ක් පමණ ගෙනාව.  අපි එයාලා ගේනකොට කොටි ගෙනාවා කියල ගම්පලාත්වල කට්ටිය විරුද්ධ වුනා. ඒ කට්ටිය ආපහු යන කොට වෙන්වෙන්න බැරුව ඇඬුව. අපි මන්නාරමට ගියහම අපේ සිංහල ළමයින්ව නවත්වගන්න හැදුව. එක්කෙනෙක් මගේ දුව බලෙන් අරගෙන ගියා අපිට සිංහල එක්කෙනෙක්  ඕන කියල. එතකොට එයාගෙ වයස අවුරුදු 4 යි. මේ මනුස්සත්වය ඇති වෙන්නෙ මිනිස්සු අතර තියෙන සම්බන්ධ තාවයෙන්. මනුෂ්‍යත්වය දෙස මනුෂ්‍යත්වයේ කෝනයෙන් බැලිය යුතුයි.
මමත් ආයුධ ගත්ත කෙනෙක්. මගේ පරම්පරාවේ විශාල පිරිසක් ආයුධ ගත්ත අය. ඒ සියලූම දේට අපිත් සම්බන්ධ වෙලා තියෙනව. මේ සමාජයත් සම්බන්ධ වෙලා තියෙනව. මේ ප‍්‍රශ්නය පිළිබඳව මනුෂ්‍යයන් විදිහට බැලීමට අපට අවස්ථාවක් උදාවේවා කියල මම ප‍්‍රාර්ථනා කරනව. මේ සමාජයේ පිළිකා දෙකක් තියනව. එකක් මේ රෝහලේ වෛද්‍යවරු ඇතුළු සියලූම දෙනා සුව කරන්න උත්සාහ කරන කායික පිළිකා. අනෙක තමයි ජනවාර්ගික බෙදීම් නමැති පිළිකාව. ඒ නිසා දෙකම අපි විසින් අහෝසි කිරීම අවශ්‍යයි. ඒ නිසා දෙකම නිසි කලට අඳුනාගෙන, නිසි කළට ප‍්‍රතිකාර කෙරුවොත් අපිට සුව කරන්න පුලූවන්.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *