ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ සමුළුව කැඳවීම ජපානය භාරගනී !

 

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය හිමියන්ගේ සමුළුවක් කැඳවීමේ වගකීම ජපානය විසින් භාරගෙන ඇති බව රොයිටර් පුවත් සේවය කියයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපන් රජයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම සමුළුව කැඳවීමට ජපානය ඉදිරිපත් වන බව කියති.

කෙසේ වෙතත්, ඒ සඳහා ජනාධිපතිවරයා ජපන් රජයෙන් නිල වශයෙන් ඉල්ලීම කිරීමට බලාපොරොත්තුව සිටියේ ජපානයේ හිටපු අගමැති ශින්සෝ අබේ මහතාගේ රාජ්‍ය අවමගුල් උත්සවයට ලබන මාසයේ එරට කරන සංචාරයේ දී ය.

ඒ අතර දැනට දෙරට අතර කරගත් අදහස් හුවමාරුව මත ජපන් රජය ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම සමුළුව කැඳවීමේ වගකීම භාර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කොට ඇති බව කියති.

ඒ අනුව ඉන්දියාව, චීනය ඇතුළු අනෙකුත් රටවල් කැඳවීම ජපන් රජය විසින් සිදු කරනු ඇත.

මෙම සමුළුවට චීන රජයේ සහභාගීත්වය සහ එරටේ ප්‍රතිචාරය තීරණාත්මක වන බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *