මහින්ද ගේ එකම බලාපොරොත්තුව නැවත ආණ්ඩුවක් හැදීම නොව පරීක්‍ෂණ සිදුකරන නිලධාරීන් හා අධිකරණ විනිසුරුවරුන් බියගැන්වීම යි – ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක

නිදහසින් පසු පසුගිය වසර 68ක් පුරා ප‍්‍රධාන පක්‍ෂ දෙක වෙන් වෙන්වත් එකතු වෙලත් අපේ රට පාලනය කළා. ඔවුන් අනුගමනය කළ ආර්ථික ප‍්‍රතිපත්තිවල ප‍්‍රතිවිපාක තමයි අද රට මුහුණ දෙමින් තිබෙන්නේ. ණය බර වැඩිවීම, රාජ්‍ය ආදායම අඩුවීම, සමාජ අපරාධ වැඩිවීම, ජනතාවගේ ආදායම් විෂමතාවය වැඩිවීම වැනි බරපතළ ප‍්‍රතිවිපාකයන්ට අපේ රට ඇදගෙන ඇවිත් තිබෙනවා. මේ වනවිට ප‍්‍රධාන අර්බුදය වී තිබෙන්නේ රටේ රාජ්‍ය ආදායම පහළ යාමයි. 2000 වර්ෂයේදී දළ ජාතික නිෂ්පාදිතයෙන් 15.6ක් වූ රාජ්‍ය ආදායම පහුගිය වසර වන විට 11.6ක් දක්වා පහත බැස තිබෙනවා. රටේ භාණ්ඩාගාරයට ලැබෙන මුදල් ක‍්‍රමක‍්‍රමයෙන් අඩුවෙමින් තිබෙනවා. පහුගිය ආණ්ඩුව වගේම වත්මන් පාලනයද රාජ්‍ය ආදායම අඩුවීමේ ගැටලූවට මුහුණ දෙමින් ඉන්නවා. මේ ආණ්ඩුවට තිබෙන විසඳුම මොකක්ද? එකම විසඳුම වී තිබෙන්නේ බදු ආදායමයි. මේ වනවිට බදු ආදායම සමස්ත රාජ්‍ය ආදායමෙන් 90%ක් බවට පත්වෙලා තිබෙනවා. එහෙම වෙලා තිබෙන්නේ පහුගිය ආණ්ඩු අපේ රටේ කර්මාන්ත ශාලා විකිණුවා. නැත්නම් වහලා දැම්මා. ඒ නිසා රටේ රාජ්‍ය ආදායම බදු ආදායම මත පදනම් වෙලා තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව කිව්වා, රටේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 11.6 සිට 14.6දක්වා වැඩිකරනවා කියලා. නමුත් ආණ්ඩුවට තිබෙන එකම පිළිතුර බදු ආදායම වැඩිකිරීමයි. පසුගිය 68 අවුරුද්දක් පාලනයේ ප‍්‍රතිවිපාක හැටියට තමයි මේ ආකාරයෙන් බදු ආදායම වැඩිකරන්න සිදුවෙලා තිබෙන්නේ.
ඒ වගේම අපේ රටේ බදු ප‍්‍රතිපත්තියේ විකෘතියක් ඇතිවෙලා තිබෙනවා. බදු ප‍්‍රතිපත්තිය පදනම් වෙන්නේ ප‍්‍රධාන කරුණු දෙකක් මතයි. එකක් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමෙන්. දෙවැන්න ජනතාව අතර ආදායම් බෙදී යාමේ විෂමතාවය අවම කර ගැනීමයි. මෙම බදු සෘජු බදු සහ වක‍්‍ර බදු ලෙස දෙයාකාරයි. සෘජු බදු ලෙස අයකරගන්නේ ඉහළ ආදායම් ලබන පුද්ගලයින්ගෙන් ආදායම් බදු වශයෙන් අයකර ගැනීමෙන්. වක‍්‍ර බදු යනු ජනතාව විසින් මිලදී ගන්නා භාණ්්ඩ හා සේවා මත අයකරන බදු මුදල්. ලෝකයේ පිළිගත් මූලධර්මයට අනුව සෘජු බදු ප‍්‍රතිශතය 60%ක් වන අතර වක‍්‍ර බදු ප‍්‍රතිශතය 40%ක්. පසුගිය නොවැම්බර් 05වැනිදා රනිල් වික‍්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවේදී කළ කථාවේදී කිව්වා, බදු ක‍්‍රමයේ විකෘතියක් තිබෙන බවත් සෘජු බදු 40%ක්ද වක‍්‍ර බදු 60%ක්ද ලෙස බදු ප‍්‍රතිපත්තිය සකස් කරන බව ආණ්ඩුවේ අරමුණ කියලා. නමුත් මේ වනවිට සෘජු බදු 18%20% අතරත් වක‍්‍ර බදු 80-81%ත් අතර මට්ටමක පවතිනවා. ඒ නිසා තමයි රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට නැවත බදු ප‍්‍රතිපත්තිය සංශෝධනය කරනවා කියලා කියන්න සිදුවුණේ.
මැයි මාසේ 02වැනිදා ආණ්ඩුව විසින් වැට් බද්දක් පැනෙව්වා. එම වැට් බදු පැනවීම මෙතෙක් අදාල නොවූ ක්‍ෂේත‍්‍ර දක්වා පැනවීමට ආණ්ඩුව කටයුතු කළා. සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයට, සිල්ලර වෙළඳාමට වැට් බද්ද ඇතුල් කළා. ඇතැම් ක්‍ෂේත‍්‍ර 11% සිට 15% දක්වාත් තවත් ක්‍ෂේත‍්‍ර 8% සිිට 15% දක්වාත් වැට් බද්ද වැඩි කළා. මේ හේතුව නිසා බදු ක්‍ෂේත‍්‍රයේ විකෘතිය තවත් වැඩිවුණා. සෘජු බදු 15% ලෙසත් වක‍්‍ර බදු 85% ලෙසත් වෙනස් වුණා. එනිසා බදු ප‍්‍රතිපත්තිය මුළුමනින්ම සකස් වෙලා තිබෙන්නේ සාමාන්‍ය ජනතාව මත බදුබර පැටවීමටයි. සාමාන්‍ය ජනතාව මිලදී ගන්නා භාණ්ඩ හා සේවාවලට අසීමිත ලෙස බදු ඇතුළත් කර තිබෙනවා. ලබන 11 වැනිදා පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත වන්නේ මෙම බදු සංශෝධන පනතයි. මෙම බදු සංශෝධන පනත ජනතාවගේ ඡුන්දයෙන් තේරී පත්වී පාර්ලිමේන්තුවට එන මන්තී‍්‍රවරුන්ට සම්මත කරන්න පුළුවන්කමක් නැහැ. මන්තී‍්‍රවරුන් තමන් පත්කර එවන ජනතාව මත විශාල බදුබරක් පටවන මේ පනතට විරුද්ධව ඡුන්දය ලබාදිය යුතුයි. අපිට බලාගන්න පුළුවන් ජනතාව වෙනුවෙන් මේ මන්තී‍්‍රවරුන් මොකද කරන්නේ කියලා.
ඒ වගේම අපි ජනතාවට කියනවා මේ බදු පනත පරාජය කිරීමෙන් පමණක් ඇතිවී තිබෙන මෙම ආර්ථික අර්බුදයට විසඳුම් හොයන්න බැහැ කියලා. මේ ආණ්ඩුව අනුගමනය කරන ආර්ථීක ප‍්‍රතිපත්තිය පරාජයට පත්කිරීමෙන් පමණයි මෙම ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිය හැක්කේ. එනිසා මේ ආණ්ඩුව අනුගමනය කරන සමාජ ආර්ථික ප‍්‍රතිපත්තියට එරෙහිව අපේ රටේ ජනතාව පෙළගැසිය යුතුව තිබෙනවා.
ඞීල් කියන්නේ මොනවද? කාටද ඒ ඞීල් තිබෙන්නේ? ශිරන්ති රාජපක්‍ෂගේ අයථා මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් කටඋත්තරයක් ගැනීමට එෆ්.සී.අයි.ඞී.යට කැඳවා තිබුණා. නමුත් ශිරන්ත රාජපක්‍ෂ කටඋත්තරය ලබාදෙන්න ගියේ කථානායකවරයාගේ නිල නිවසටයි. එෆ්.සී.අයි.ඞී.යට යා යුතු ශිරන්ත රාජපක්‍ෂ කථානායක නිල නිවසට ගියේ කොහොමද? මහින්ද රාජපක්‍ෂ රනිල් වික‍්‍රමසිංහට කථාකර ඇතිකරගත් එකඟතාවයට අනුවයි. එම පරීෂක්‍ණ අවසන් වීමෙන් පසුව ශිරන්ත රාජපක්‍ෂ අත්අඩංගුවට ගෙන ප‍්‍රකාශ සටහන්කරගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. නමුත් දැන් මාස 4කට වැඩි කාලයක් ගතවී තිබියදී ශිරන්ති රාජපක්‍ෂ අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි? මහින්ද රාජපක්‍ෂ රනිල් වික‍්‍රමසිංහට කථා කොට අත්අඩංගුවට ගැනීම වළක්වා තිබෙනවා. මේවා තමයි ඞීල් කියන්නේ. විමල් වීරවංශගේ පාස්පෝට් ප‍්‍රශ්නයේදී මහින්ද රාජපක්‍ෂ, රනිල් වික‍්‍රමසිංහට, මෛතී‍්‍රපාල සිරිසේනට කථාකොට මැදිහත් වෙන ලෙස ඉල්ලා සිටියා. රනිල් ඒ ගැන පාර්ලිමේන්තුවේදී කිව්වා. ඒවා තමයි ඞීල් කියන්නේ.
ඒ වගේම රාජපක්‍ෂ කල්ලියත් රනිල් වික‍්‍රමසිංහ අතරත් ගනුදෙනුවක් තිබෙනවා. මතුපිට දේශපාලනය තුළ නොව සිදුවන සිදුවීම් දිහා ගැඹුරින් විමසා බැලූවොත්  ඒ බව තේරුම් ගන්න පුළුවන්. රනිල් වික‍්‍රමසිංහගේ දේශපාලන උපදේශකයා, ගුරු අත්පොත ජේ. ආර්. ජයවර්ධනයි. ජේ.ආර්. ජනාධිපතිවරයා එවකට විපක්‍ෂයෙන් එල්ල වුණු චෝදනාවලින් බේරෙන්න සිදුකළේ ශී‍්‍රලනිපය බෙදා වෙන් කිරීමයි. ඒ සඳහා ඔහු ශී‍්‍රලනිප නිර්මාතෲගේ පුතා වන අනුර බණ්ඩාරනායක යොදා ගත්තා. අම්මා පුතා අතර ගැටුම් ඇතිකළා. ශී‍්‍රලනිපයේ දේශපාලන කාර්යාලයට නඩු කිව්වා. එදා ජේ. ආර්ගේ උපක‍්‍රමය වූයේ එයයි. අද රනිල් වික‍්‍රමසිංහගේ උපක‍්‍රමය වී තිබෙන්නේ ශී‍්‍රලනිපය බෙදීමයි. ඒ වෙනුවෙන් තමයි රනිල් වික‍්‍රමසිංහගේ උපදෙස් අනුව රාජපක්‍ෂ කල්ලිය වැඩකරමින් තිබෙන්නේ. ඒ එකඟතාවයන්ට අනුව තමයි බැසිල් අත්අඩංගුවට ගත්ත ගමන් රෝහල්ගත කරන්නේ. පාද යාත‍්‍රාවෙන් පසු ප‍්‍රධාන නායකයින්ගේ කථාවල රනිල් වික‍්‍රමසිංහට විවේචන තිබුණේ නැහැ. මොකද, රනිල්ගේ වුවමනාව වෙනුවෙන් තමයි මේ කල්ලිය වැඩකරන්නේ. රනිල්ට රාජපක්‍ෂ කල්ලිය අවශ්‍යයි වගේම රනිල්ට රාජපක්‍ෂ කල්ලිය අවශ්‍යයි. අද අපේ රටේ අශුද්ධම අපකීර්තිමත්ම පිළිකුල්සහගත ඞීල්එක සිදුවෙන්නේ රනිල් වික‍්‍රමසිංහ-රාජපක්‍ෂ අතරයි.
සුනඛයාගේ ඇෙඟ සිටින මැක්කා හිතනවා ඌ සුනඛයාටත් වඩා ලොකුයි කියලා. ශී‍්‍රලනිපයේ වලිගයේ මැක්කෙක් බවට පත්වී සිටන වීරවංශ කොහොමද ජවිපෙට අභියෝග කරන්නේ. අඩුම තරමේ ඔහුට පක්‍ෂයක් තිබෙනවාද? මහින්දගේ ඔඩොක්කුවේ සුරතලෙක් බවට පත්වෙලා ඉන්න, තමන්ගේ පක්‍ෂයෙන් තරඟ කර නාගරික මන්තී‍්‍රකමක් ගන්න බැරිව ඉන්න පුද්ගලයින්ගේ අභියෝග අපි බාරගන්නේ නැහැ. අද ඔහු රාජපක්‍ෂලාගේ ආරක්‍ෂකයෙකු බවට පත්වෙලා ඉන්න සුරතලෙකු බවට පත්වෙලා ඉන්න පුද්ගලයෙකු පමණයි.
රාජපක්‍ෂ කල්ලිය පා ගමන් ගියේ ආණ්ඩුව පෙරළන්න ගිය ගමනක් ලෙස නොවෙයි. ප‍්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලූත්ගම පැහැදිලිවම කිව්වා අපි මේ ආණ්ඩුව පෙරළන්න යන ගමනක් නෙවෙයි කියලා. මහින්ද රාජපක්‍ෂගේ විනාඩි 14ක කථාව ඔබ අහලා බලන්න. ඔහුගේ ප‍්‍රධාන චෝදනාව තිබුණේ එෆ්.සී.අයි.ඞී.යට, සී.අයි.ඞී.යට අල්ලස් ¥ෂණ කොමිසමට සහ ජනතා විමුක්ති පෙරමුණටයි.  ඒ හැර ඔහුට වෙනත් විවේචනයක් තිබුණේ නැහැ. තාජූඞීන් ඝාතනය, එක්නැලිගොඩ ඝාතනය, ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය රාජපක්‍ෂට මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු එවීමේ පරීක්‍ෂණ ඇතුළු සියලූම පරීක්‍ෂණ සිදුකරන්නේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවයි. ඒ නිසා ඔහුත් ඔහුගේ කල්ලිය බේරා ගැනීම වෙනුවෙන් අපරාධ පරීක්‍ෂණ පොර්තමේන්තුවට ප‍්‍රහාරයක් එල්ල කරනවා. ඒ වගේම ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, මහින්දානන්ද, වෙල්ගම වීරවංශ, කෙහෙළිය යන අයගේ වත්කම් සම්බන්ධයෙන් අල්ලස් හෝ ¥ෂණ කොමිසම විසින් පරීක්‍ෂණයක් සිදුවෙමින් තිබෙනවා. එම පරීක්‍ෂණවලින් තම ගෝලයන් බේරාගැනීම වෙනුවෙන් අල්ලස් කොමිසමට ප‍්‍රහාරයක් එල්ල කරනවා. ඒවගේම නාමල් රාජපක්‍ෂ, යෝෂිත රාජපක්‍ෂ, ඝෝඨාභය, බැසිල් යන අයගේ අයථා ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකරන මූල්‍ය අපරාධ පරීක්‍ෂණ වළක්වා ගැනීමේ අරමුණින් එෆ්.සී.අයි.ඞී.යට ප‍්‍රහාරයක් එල්ල කරනවා. රනිල් වික‍්‍රමසිංහට චෝදනා කරන්නේ නැහැ. මෛතී‍්‍රට චෝදනාවක් නැහැ. මොකද, ඔවුන් එක්ක කරන ඞීල්එකෙන් බේරෙන්න පුළුවන් කියලා රාජපක්‍ෂ කල්ලිය විශ්වාස කරනවා. නමුත් මේ සියලූ දෙනාම යටපත් කරන්න පුළුවන් වුණත් ජනතා විමුක්ති පෙරමුණ යටපත් කරන්න බැරි බව ඔවුන් දන්නවා. එනිසා ජවිපෙට ප‍්‍රහාර එල්ල කරනවා. සෙනග පෙන්නලා පරීක්‍ෂණ සිදුකරන රජයේ නිලධාරීන් බයකරන්න උත්සාහ කරනවා. අපි නිලධාරීන්ට කියනවා බය නැතිව ඔබ ඒ පරීක්‍ෂණ සිදුකරන්න කියලා. නැවතත් මේ රටේ රාජපක්‍ෂ බලයට එන්නැති බව අපි පැහැදිලිව කියනවා.
රාජපක්‍ෂ කල්ලියේ අය කියනවා මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න එපා කියලා. එහෙනම් මේ ව්‍යවස්ථාවට අනුව මහින්ද රාජපක්‍ෂට නැවත මේ රටේ නායකත්වයට පත්වෙන්න බැහැ. නැවත ඡුන්දයක් පැවැත්වීමට තිබෙන්නේ 2020 පහුවෙලා. ඒ වනවිට මහින්ද අවුරුදු 76ක්. ගෙදර ඉන්න මුත්තාගේ වයස. ඔහු කොහොමද නැවත ආණ්ඩුවක් හදන්නේ? එනිසා ඔවුන්ගේ එකම බලාපොරොත්තුව නැවත ආණ්ඩුවක් හැදීම නොව පරීක්‍ෂණ සිදුකරන නිලධාරීන් අධිකරණ විනිසුරුවරුන් බියගැන්වීම සඳහායි මේ ජෝගිය නටන්නේ.
මෛතී‍්‍ර-රනිල් ආණ්ඩුවට මේ රට හදන්න බැහැ. ඒ වගේම රාජපක්‍ෂ කල්ලියටත් නැවත බලයට එන්න ඉඩ දියයුතු නැහැ. සිදුකළ යුතුව තිබෙන්නේ අපේ රටේ ජනතාව ඒකාබද්ධ වෙලා නව ආණ්ඩුවක් පත්කර ගැනීමයි. ඒ සම්බන්ධයෙන් අපි විවිධ පාර්ශ්ව සමඟ දීර්ඝ සාකච්ඡුාවක ඉන්නවා. පුළුල් ජනතා පෙරමුණක් ගොඩනැගීම වෙනුවෙන් ප‍්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් මේ වනවිටත් දීර්ඝ සාකච්ඡුාවක අපි නියැළිලා ඉන්නවා.
පෙළපාලියේ රැුගෙන ගිය දරුවා පමණක් නොව සියලූම දෙනා ළදරුවන් ලෙසයි අපි දකින්නේ. මෙම පා ගමනේදී කියපු සටන් පාඨ, හැසිරුනු විදියේ පාර දිගට බාර් ළඟ ගැවසුනු විදිය දැක්කාම මේ සියලූ දෙනාම ඒ වගේ තමයි හැසිරුනේ. ඒ වගේම මේ පිරිස බලය වෙනුවෙන්  ඕනෑම මජර වැඩක් කරන්න පුළුවන් කියලා පෙන්වා තිබුණා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ වගේ ළමයින් පාර්ලිමේන්තුවට යවන්න එපා කියලා. ජනතාව ඡුන්දය ලබාදෙන විට දේශපාලන කරුණු පිළිබඳව මුල් තැන දෙනවා වෙනුවට ඥාතිකම පිළිබඳව, තමන්ට රැුකියාවක් ලබාගැනීම පිළිබඳව තමන්ගේ ළමයා පාසැලට ඇතුළත් කර ගැනීම පිළිබඳව, නළු නිිළියන් පාර්ලිමේන්තුවට යැවීම පිළිබඳව අවධානය යොමුකරවනවා. ජනතාව දේශපාලන සාධක මත ඡුන්දය ලබා නොදීම තමයි දැන් අභියෝගයක් වෙලා තිබෙන්නේ. ඒ නිසා ඡුන්දය ලබාදීමේදී ජනතාව දේශපාලන සාධක මත පමණක් ඡුන්දය ලබාදිය යුතු බවත් අපේ හැඟීමයි.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *