අපේ පක්ෂයේ කාටවත් ඇමතිකම් දෙන්න එපා ! – සජිත් ජනපතිගෙන් ඉල්ලයි

 

සමගි ජන බලවේගයේ කිසිවකු නව ඇමති මණ්ඩලයට ඇතුළත් කර නොගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කොට ඇති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජිත සර්ව පාක්ෂික ආණ්ඩුවට සහය දීමට සමගි ජන බලවේගය සුදානම් බවට  පොරොන්දුවක් ලබා දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා සියල්ලෙහි ම සභාපති තනතුරු විපක්ෂයට ලබා දෙන ලෙස ද සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා ඇත.

සර්ව පාක්ෂික ආණ්ඩුවට සහය දීම සඳහා ඊයේ හදිසියේ ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ  සජබ නායකයා මෙම ඉල්ලීම් කර තිබේ.

සමගි ජන බලවේගය සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමැති ධුර භාර නොගන්නා බව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැවත නැවතත් ප්‍රකාශ කොට ඇතත්, එම පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් ඇමති ධුර භාර ගැනීමට යන බවට ආරංචි පැතිර යමින් පවතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *