ජනපති රට බාරගත් අරමුණු ඉටු වෙමින් තිබෙනවා – ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට බාරගත් අරමුණු අද ටිකෙන් ටික ඉටු වෙමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

ජනාධිපතිවරයා රට බාර ගත්තේ ආර්ථිකය ගොඩ නඟන්නට බව කී විජයවර්ධන මහතා අද  වන විය ඉන්ධන පෝලිම්,ගෑස් පෝලිම් නැතිවී රට සාමාන්‍ය කරණයකට ලක් වෙමින් තිබෙන බවද සඳහන් කළේය.

රට බාර ගෙන ආර්ථික අර්බුදයට විසඳුම් දෙන්නැයි  හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පක්ෂ නායකයින් රැසකගෙන් ඉල්ලීම් කළත් කිසිවකුත් ඊට ප්‍රතිචාරයක් නොදැක්වූ නිසා  වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට බාරගත් බවද රුවන් විජයවර්ධන මහතා කීය.

ඉන්දියාව සමඟ සාකච්ඡා කොට ගොවි ජනතාව  සඳහා පොහොර ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙන බව ද විජයවර්ධන මහතා සඳහන් කළේය.

අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාව අමතමින් රුවන් විජයවර්ධන මහතා මේ බව කීය.

(අංජුල මහික වීරරත්න)

ලංකාදීප

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *