“පැමිණීම මදක් කල් දමන්න”; රනිල් ගෝටාගෙන් ඉල්ලයි : ගෝටා එකඟ වෙයි

 

හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණීමට කර ඇති සැලසුම් සති කිහිපයකින් කල් දමන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීම පිළිගෙන රාජපක්ෂ මහතා තම ගමන මදක් කල් දමා ඇති බව තතු දත් දේශපාලන අංශ වාර්තා කරයි.

ජනාධිපතිතුමා ඉල්ලා ඇත්තේ ආරක්ෂක තත්ත්වය වඩාත් යහපත් වන තෙක් ගෝටාභය රාජපක්ෂ මහතාගේ ගමන කල් දමන ලෙසයි. හිටපු ජනාධිපතිවරයා එම ඉල්ලීමට එකඟ වී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපතිතුමා අතර අන්තර් ජාල සම්බන්ධතාවයක් මගින් අද උදේ පැවති සංවාදයක දී මෙම එකඟත්වය ඇති වී තිබේ.

මෙම ඉල්ලීම කරන්නට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බුද්ධි අංශ වාර්තා ද ලබාගත් බව ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *