හිටපු ජනාධිපතිගේ මිරිහානේ නිවසටත් ගිනි තියන සැලසුමක් එලියට ! වහා ආරක්ෂාව වැඩි කරයි

 

හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ නිවෙසට ගිනි තබා විනාශ කිරීමට කිසියම් පිරිසක් සැලසුම් කරන බවට බුද්ධි අංශ වෙත තොරතුරු වාර්තා වීමත් සමග ඒ අවට ප්‍රදේශයට අද දැඩි පොලිස් ආරක්ෂාවක් යෙදීමට කටයුතු කොට තිබිණි.

ගෝටාභය රාජපක්ෂ මහතා නැවත මෙරටට පැමිණීමට විරෝධය පළ කිරීමට සහ එය වැලක්වීමට කටයුතු කිරීම සඳහා නිවෙසට ගිනි තැබීමට මෙම පිරිස සැලසුම්  කළ බවට තොරතුරු ලැබී ඇති කියති.

මෙම තත්ත්වය නිසා හිටපු ජනාධිපතිගේ නිවෙසට සහ අවට ප්‍රදේශයට වහාම දැඩි ආරක්ෂාවක් යොදවන ලෙස ප්‍රදේශය භාර පොලිස් නිලධාරීන්ට පොලිස් මුලස්ථානයෙන් උපදෙස් ලැබී තිබේ.

ඒ අනුව අද දහවල් වන විටත්, එම ප්‍රදේශයේ ආරක්ෂාව විශාල ලෙස වැඩි කොට තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *