පොහොට්ටුවේ ඇමති ධුර ඉල්ලීම් රනිල් ප්‍රතික්ෂේප කරයි

 

සර්ව පාක්ෂික ඇමති මණ්ඩලයක් පත් කිරීමේ දී ඇමති ධුර ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නම් ලයිස්තුවේ නම් ගණනාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු , රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ ආදීන්ගේ නම් මෙලෙස ප්‍රතික්ෂේප කොට ඇති බව කියති.

විපක්ෂයෙන් එකාතු වන මන්ත්‍රීවරුන් මෙම පිරිස සමග එකට ඇමති මණ්ඩලයක කටයුතු කිරීමට සුදානම් නොවන බව ජනාධිපති තුමා පෙන්වා දී තිබේ.

එමෙන් ම මෙම පිරිසට ඇමති තනතුරු ලබා දීමට පොදුජන පෙරමුණේ ම විශාල පිරිසක් විරෝධන ප්‍රකාශ කොට ඇති බව  ද වාර්තා වෙයි. එම පිරිස පෙන්වා දී ඇත්තේ මෙම පිරිසට නැවත ඇමති ධුර ලබා දීම පක්ෂ කෙරෙහි මහජන අප්‍රසාදය වැඩි වීමට හේතු වන බවයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *