සාම්පුර් ගල් අගුරු බලාගාරයට අවසර නෑ : ඩීසල් බලාගාර ගෙන්න අවසර !

ඉන්දියානු ආධාර මත සාම්පුර් හි ඉදිකිරීමට සුදානම් කොට තිබු ගල් අගුරු විදුලි බලාගාරය ඉහළ නියෝගයකින් නැවතී ඇති අතර එයින් ඇතිවන විදුලි අර්බුදයට පිළියම් ලෙස ඩීසල් විදුලි බලාගාර මිල දී ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලැබී ඇති බව වාර්තා වෙයි . විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමකට අනුව මෙම අවසරය ලබා දී ඇත්තේ මහජන උපයෝගිතා කොමිසම  විසිනි . 2018-20 කාලයේ ඇතිවිය හැකි විදුලි අර්බුදය මගහැර ගැනීමට මෙම පියවර ගෙන ඇති බව කියති . එමගින් වැඩි පරිසර දුසනයකට හා අධික මිලට විදුලිය නිපදවීමට සිදුවනු ඇති කියති .

සාම්පුර් හි ගල් අගුරු බලාගාරයක් වෙනුවට ස්වභාවික වායු බලාගාරයක් ඉදිකිරීමට යෝජනාවක් ගැන ප්‍රවෘත්ති පල වුව ද එබදු තීරණයක් තමන්ට ලැබී නැති බව විදුලි බල මණ්ඩලයේ නිලධාරීහු කියති . රජයේ පිළිගත් ප්‍රතිපත්තිය අඩුම වියදමින් විදුලිය නිපදවීම නිසාත් , ස්වභාවික වායු මගින් විදුලිය නිපදවීම ගල් අගුරු වලට වැඩ හා ගුණයක් වියදම් අධික නිසාද එබදු තීරණයක් තමන්ට ගත නොහැකි බව නිලධාරීහු වැඩිදුරටත් ප්‍රකාශ කරති . එවැනි තීරණයක් ගතහොත් රජයට පාඩු කිරීම සබන්දයෙන් එෆ් සී අයි ඩී යට යාමටත් දඩුවම් විදීමටත් තමන්ට සිදුවනු ඇති ඔවුහු බිය පල කරති . ඔවුන් කියන්නේ එවැන්නක් ක්‍රියාත්මක කල හැක්කේ කැබිනට් මණ්ඩලයේ තීරණයක් ලෙස ලැබුනහොත් පමණක්  බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *