පාඩු ලබන ආයතන පෞද්ගලීකරණය අත්‍යවශ්‍යයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

 

 පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ද ඉකොනොමිස්ට් සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ගුවන් සමාගමට අමතරව ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව ,ටෙලිකොම් වැනි ආයතන පෞද්ගලීකරණය කළ හැකි බව ජනාධිපතිවරයා එහිදී කීය .

ඛනිජ තෙල් සංස්ථාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ගය ගැටළුවක් බව සඳහන් කළ ජනාධිපතිවරයා වසර 40 ක් පුරා එම ක්ෂේත්‍රයේ  සිටින පිරිස සමගද සාකච්ඡා කර නව ආයෝජන සඳහා අවස්ථා විවෘත කරන බව කීය.

රාජ්‍ය  ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී වෘත්තිය සමිති දක්වන විරෝධය ගැන තමා කරදර නොවන බවත් තමාට වැදගත් වන්නේ ජනතාව බවත් කී ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතා තත්ත්වය යහපත් වන බව ජනතාවට තේරුම් යන විට ඔවුන් මේ ක්‍රියාවළිය සමග ඉඳිවී යැයි විශ්වාසය පළ කළේය .

2018 වසරේ පැවති තත්ත්වයට යළි පැමිණීමට  2024 -2025 දී හැකි වේයැයි ජනාධිපතිවරයා සඳහන් කළේය. 2023 වසර ආරම්භයත් ශ්‍රී ලාංකිකයින්ට අසීරු වුවත් වසර අවසාන වන විට යහපත් අතට හැරෙනු ඇතැයි ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා  එපා කියනවා නම් ඒ සඳහා විකල්ප සැලසුමක් ඉදිරිපත් කළ යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ආර්ථිකය යළි නගා සිටුවීමේදී බදු යළි ඉහළ දැමීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට සිදු වන බවත් ජනාධිපතිවරයා පැවසීය. නව බදු සඳහා මුදල් පනතක අවශ්‍යතාවයද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

(අංජුල මහික වීරරත්න)

ලංකාදීප

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *