උග්‍ර විනිමය හිගය අවසන් ; අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්න මුදල් දැන් තිබෙනවා – මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ

 

උග්‍ර විනිමය හිගය මේ වන විට අවසන්ව ඇති බවත්, පෙට්‍රල්,ඩීසල්, ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට ප්‍රමාණවත් මුදල් දැන් ලැබෙමින් පවතින බවත්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අද ප්‍රකාශ කළේය.

එමෙනම් රටේ උද්ධමනය කලින් පුරෝකථනය කොට තිබු සියයට 70 මට්ටමට ඉහළ නොයනු ඇතැයි ද එනමුත් ආර්ථිකයේ සංකෝචනය සියයට 8 ඉක්මවා යනු ඇතැයි ද ඒ මහතා වැඩි දුරටත් කීය.

මෙම තත්ත්වය යටතේ ප්‍රතිපත්ති පොලී අනුපාත වෙනස් නොකිරීමට මහ බැංකුව තීරණය කොට ඇත.

අද පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපතිවරයා මෙම කරුණු හෙළි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *