යළි ඇමෙරිකා යන්න ගෝඨා ’ග්‍රීන් කාඩ්’ ඉල්ලයි


 

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු එක්සත් ජනපදයේ පදිංචියට යෑම සඳහා ‘ග්‍රීන් කාඩ්’ අයැදුම් කර ඇතැයි ‘ඩේලි මිරර්’ පුවත්පත අනාවරණය කරයි. ඇමෙරිකාවේ සිටින හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥයන් පසුගිය මාසයේ සිටම ග්‍රීන්කාඩ් පහසුකම හරහා ඇමෙරිකානු පුරවැසිභාවය ලබා ගැනීම වෙනුවෙන් වැඩකටයුතු ආරම්භ කර ඇති බවත් හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ ඇමෙරිකානු පුරුවැසිභාවය ඇති අයෙකු වීම නිසා එම පහසුකම ලබාගැනීමට හිටපු ජනාධිපතිවරයාට හැකි බවත් වාර්තා වෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේවනවිට තායිලන්තයේ සිටින අතර ඔහු නොවැම්බර් මාසය දක්වා එහි රැඳී සිටීමට තීරණය කළද එම තීරණය අවලංගු කර  අගෝස්තු 25 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බවද එම එම පුවත්පත සඳහන් කරයි.

තායිලන්තයේ දී හිටපු ජනාධිපතිවරයාගේ ගමන් බිමන් සීමා කොට තිබීම නිසා ඒ මහතා එරටින් පිට වී මෙරටට පැමිණීමට තීරණය කොට ඇති බව කියති.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *