හිටපු ජනපති ගෝටාභය 24 දා මෙරටට එන බව උදයංග කියයි

 

හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා මෙම මස 24 වැනි දින මෙරටට පැමිණෙනු ඇතැයි යුක්රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අද ප්‍රකාශ කළේය.

එය වගකීමෙන් කරන ප්‍රකාශයක් දැයි විමසු විට ඔහු කීවේ මෙම සැලසුම් වෙනස් වේ දැයි තමා නොදන්නා නමුත් දැනට තිබෙන තත්ත්වය එය බව යි.

මිග් යානා ගනුදෙනුව ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමෙන් පසු ඔහුගෙන් මාධ්‍යය කළ විමසීමකට පිළිතුරු ලෙස වීරතුංග මහතා මෙම තොරතුරු හෙළි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *