සුළං බලාගාර දෙකක් හදන්න ඉන්දියාවේ අදානිට අවසර

 

මන්නාරම සහ පුනරින් යන ප්‍රදේශවල සුළං විදුලි බලාගාර ව්‍යාපෘති දෙකක් ඉදිරිකිරීම සඳහා ඉන්දීය අදානි සමාගමට තාවකාලික අනුමැතිය ලබාදුන් බවත් එම ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් ඉක්මවන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව මන්නාරම ඉදිකරණ විදුලි බලාගාරයෙන් මොගාවොට් 286 ක් සහ පුනරීන් බාගාතාරයෙන් මෙගාවොට් 234 ක් ද, ජනනය කිරීමට නියමිත බවත් අමාත්‍යවරයාකියයි.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා ලංවිම සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති  අධිකාරියේ නිලධාරීන් සමඟ  පැවැති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹ තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *