බ්‍රතාන්‍යයේ නව වෙළෙඳ සහන ක්‍රමයට ශ්‍රී ලංකාවත් ඇතුළත් කර ගනියි

 

බ්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් පසුව, යුරෝපා සංගමයේ ජී.එස්.පී සහනය වෙනුවට බ්‍රිතාන්‍ය හඳුන්වා දුන් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ නව වෙළඳ යෝජනා ක්‍රමයට ශ්‍රී ලංකාවද ඇතුළත් කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත.

යුරෝපා සංගමයෙන් බ්‍රතාන්‍යය ඉවත්වීම නිසා එරට යුරෝපා ජී එස් පී ක්‍රමයෙන් ඉවත්වීම නිසා සංවර්ධනය වන රටවලට සිදුවන අවාසිය මග හැරවීම සඳහා බ්‍රතාන්‍යය මෙම නව වෙළෙඳ යෝජනා ක්‍රමය හඳුන්වා දී තිබේ.

බ්‍රිතාන්‍ය හඳුන්වා දුන් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ නව වෙළඳ යෝජනා ක්‍රමයට ශ්‍රී ලංකාව ඇතුළත් කිරීම තුළින් බ්‍රිතාන්‍ය වෙත අපනයනය කරන ආහාර සහ රෙදිපිළි ඇතුළුව අතිරේක නිෂ්පාදන වර්ග 150 කට පමණ බ්‍රිතාන්‍යයේ ආනයන බදු කපා හැරීමක් හෝ සහනයක් හිමිවනු ඇතිබවත් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය වන සාරා හල්ටන් මහත්මිය ප්‍රකාශකොටඇත.

මෙම යෝජනා ක්‍රමයට  සංවර්ධනය වෙමින් පවතින රටවල් 65 ක්  ඇතුළත් වන බවත් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව සහ තවත් රටවල් හතක් බ්‍රිතාන්‍යයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ නව වෙළඳ යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක වන විශේෂ යෝජනා ක්‍රමයකට ඇතුළත් වන බවත් එමගින් ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදන ලැයිස්තුවෙන් තුනෙන් දෙකකට ආනයන බදු අය නොකෙරෙනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *