කොටින්ට පක්‍ෂව කතා කළාට වයිකෝට එරෙහි නඩුව විභාගයට

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට පක්‍ෂව අදහස් දැක්වීම සහ ඉන්දියාවේ ස්වාධීනත්වයට එරෙහිව අදහස් දැක්විමේ චෝදනාව මත Q පොලීසිය විසින් එම්ඩීඑම්කේ පක්‍ෂයේ නායක වයිකෝට විරුද්ධව පවරා ඇති නඩුව 2016.08.05 දින විභාගයට ගෙන ඇත.

චෙන්නායි එශ්පිලනේඩු රාජා අන්නාමලෙයි ශාලාවේදී, ‘ඊළමේ සිදුවන්නේ කුමක්ද’ යන තේමාවෙන් 2008.10.21 වන දින රැස්වීම්ක් පවත්වා ඇත. එම රැස්වීමට සහභාගි වූ වයිකෝ සහ එම්ඩීඑම්කේ පක්‍ෂයේ හිටපු පරිපාලක කන්නප්පන් යන දෙදෙනා විමුක්ති කොටි සංවිධානයට පක්‍ෂව අදහස් දක්වා ඇත.

ඒ අතරම, ඉන්දීය ස්වාධීනත්වයට එරෙහිවත් අදහස් දැක්වූ බවට Q පොලීසිය නඩුවක් ගොනුකර ඇත. එම නඩු විභාගය සඳහා 2016.08.05 වන දින ‍වයිකෝ අධිකරණයේ පෙනී සිට ඇත. එහිදී පුද්ගලයින් 17 දෙනෙකු සාක්‍ෂි ලබාදී ඇත. ‘විමුක්ති කොටි සංවිධානයට පක්‍ෂව අදහස්දැක්වුවාය යන්න සත්‍යක්ද?’ යනුවෙන් අධිකරණය ප්‍රශ්ණ නගා ඇත. ‘ඔව් නමුත්, කිසිඳු අවස්ථාවක ඉන්දීය ස්වාධීනත්වයට එරෙහිව අදහස් ප්‍රකාශ කළේ නැත” යනුවෙන් වයිකෝ ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වූ වයිකෝ, “අදාල රැස්වීමේදී ඊළාම් භූමියේ හෙළන සෑම ලේ බිඳුවකටම මන් මෝහන් සිං ගේ රජයත්, එයට සහයෝගය දක්වා කටයුතු කල තමිල්නාඩු රජයත් වගකිව යුතුය. කන්නප්පන් ප්‍රකාශ කල දෙයම මා ප්‍රකාශ කළෙමි. නමුත්, පොලීසිය ඔහුව නිදහස්කර, මට එරෙහිව දේශද්‍රෝහී චෝදනාව යටතේ නඩුවක් ගොනුකර ඇත” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

[මෙම ලිපිය පරිවර්තනය කලේ තමිල්වින් වෙබ් අඩවිය වෙතිනි]

Ikman.news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *