රුසියානු බොරතෙල් ටොන් ලක්ෂයක් රැගත් නැවක් එයි ; තව නැවක් ඊළඟ සතියේ

 

රුසියානු බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000 ක තොගයක් රැගත් නෞකාවක් අද(13) රාත්‍රියේ කොළඹට පැමිණෙන අතර හෙට(14) එහි සාම්පල ලබා ගැනීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

මෙට්‍රික් ටොන් 120,000ක 2 වන බොරතෙල් තොගයක් අගෝස්තු 23 සිට 29 දක්වා පැමිණීමට නියමිත බව ඔහු ප්‍රකාශ කළේය.

මෙම බොරතෙල් නෞකා දෙකම රුසියානු බොරතෙල් වන අතර ඒවායෙහි පිරිපහදුව ලබන සතියේ මැද වන විට ආරම්භ කිරීමට නියමිත යි.

එම තෙල් මෙරටට ලබා දෙන්නේ ඩුබායිහි සමාගමක් මගිනි.

මෙම තෙල් ලැබීමෙන් පසු පිරිපහදුව දිගටම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව කියති. රටේ තෙල් අවශ්‍යතාවයෙන් සියයට තිහක් එමගින් ලබා ගැනීමට හැකියාව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *