හිටපු ජනාධිපති ගෝටාභයට තායිලන්තයෙන් තහංචි

 

මේ වන විට තායිලන්තයට ගොස් සිටින හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට එරට සිටින කාලයේ කිසිදු දේශපාලන කටයුත්තක යෙදීම තහනම් කොට ඇති අතර එරට රැඳී සිටින කාලය දින 90 කට පමණක් සීමා විය යුතු බව දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

රාජපක්ෂ මහතාට තායිලන්ත රජයෙන් වීසා නිකුත් කිරීමක් සිදු වී නැති අතර මෙරට රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත් හිමියකුට වීසා නොමැතිව තායිලන්තයට ඇතුළු විය හැකි බවට දෙරට අතර පවතින ගිවිසුමකට අනුව ඒ මහතාගේ සංචාරය සිදු වී තිබේ.

2013 වසරේ දෙරට අතර අත්සන් තබා ඇති ඉහත කී ගිවිසුම අනුව මෙරට රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත් හිමියකුට ඉහත කී වරප්‍රසාදය හිමි වී තිබේ.

ගෝටාභය රාජපක්ෂ මහතා සතුව තිබෙන්නේ මෙරට ජනාධිපති ලෙස ඔහුට හිමි වී ඇති ගමන් බලපත්‍රය යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *