හිටපු ජනාධිපති ගෝටාභය මස තුනක් තායිලන්තයේ

 

හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට මාස තුනක් ( දින 90 ක් ) තායිලන්තයේ රැඳී සිටීමට අවසර ලැබී ඇති බව වාර්තා වෙයි.

ජනධිපතිවරයා තායිලන්තයේ දේශපාලන රැකවරණ පතා නැති බවත්, එරට සංචාරක නීති අනුව ඒ මහතාට දින 90 ක් එරට රැඳී සිටීමට අවසර ලැබී ඇති බවත්, තායිලන්ත බලධාරීහු කියති.

ඒ අනුව ගෝටාභය රාජපක්ෂ මහතාට සින්ගප්පුරුවෙන්  ලබා දී ඇති කාලය අවසන්  වීමත් සමග ඒ මහතා තායිලන්තයට ගොස් ඉදිරි මස තුනක කාලය එරට ගත කරනු ඇතැයි  කියති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *