රනිල්ගේ නිවෙසට වඩා අගමැති නිල රථය දහ ගුණයක් වටී ; අධිකරණයේ දී හෙළිදරව් වෙයි

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙසට වඩා ඒ මහතාට අගමැති ලෙස ලබා දී තිබු නිල රථය දහ ගුණයකට වැඩි වටිනාකමකින් යුත් බව අද අධිකරණය හමුවේ හෙළිදරව් වී ය.

රනිල් වික්‍රමසිංහ මහතගේ නිවෙසට සිදු වූ හානි පිළිබඳව නීතිපතිවරයා අද අධිකරණයට ඉදිරිපත් කළ දත්ත මගින් මේ බව තහවුරු වෙයි.

අධිකරණයට ඉදිරිපත් කළ එම දත්ත අනුව රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවෙසට සිදු වූ හානිය රුපියල් මිලියන 14.5 ක් ලෙස ගණන් බල ඇති අතර අගමැති ලෙස ඒ මහතාට ලබා දී තිබු නිල රථයට සිදු වී ඇති හානිය මිලියන 191 කි.

නීතිපතිවරයා අද අධිකරණයට කළ දැනුම්දීම මගින් මෙම කරුණු තහවුරු වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවසට ගිනිතැබීම හේතුවෙන් මෙතෙක් ගණනය කළ හානිය රුපියල් මිලියන 205 ඉක්මවා ඇතැයි නීතිපතිවරයා අද (10) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවේ දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයාව සිටියදී භාවිත කළ නිල රථයට වී ඇති හානිය රුපියල් මිලියන 191ක් බවත් නිවසට වී ඇති හානිය රුපියල් මිලියන 14.5ක් බවත් නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දක්වමින් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *