ත‍්‍රීවීල් රියදුරන් ඉන්ධන ඇදලා විකුණන්නේ ගන්න අය ඉන්න නිසා – ත‍්‍රිරෝද සංගමයේ සභාපති
ත්‍රීරෝද රථවල රියදුරන් ඉන්ධන විකුනන්නේ ඒවා මිලදී ගැනීමට පිරිසක් සිටි නිසා බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය සඳහන් කරයි.
එහි සභාපති ලලිත් ධර්මසේකර මහතා පෙන්වා දෙන්නේ ත්‍රීරෝද රථ හිමියන් පමණක් නොව කෙල් සංස්ථා ලොක්කන්ද පොලීසියද ඉන්ධන හොරකම් කරන බවයි.
ආණ්ඩුව උත්සාහ කරන්නේ ත්‍රීවිල් රථ අපරාධකාරයන් කිරීමටදැයි ඔහු ප්‍රශ්න කරයි.
සතියකට ලබාදෙන ඉන්ධන ලීටර් පහේ කෝටාව තම වෘත්තිය සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නැති බවත් සමාජ ජාලාවල ඉන්න කුහකයන් ඇති යයි කියන බවත් ඔහු කියා සිටියේය.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.
lanka C news