අරගලය අවසන් නොකර අරගලකරුවෝ ගෝටා ගෝ ගමෙන් යති

 

අරගලය අවසන් නැතත්, ගෝටා ගෝ ගම අරගල භූමියෙන් තමන් ඉවත්වන බව එහි ඉතිරිව සිටි අරගලකරුවෝ අද ප්‍රකාශ කළහ.

ඒ අනුව් එහි ඉතිරිව තිබු කුඩාරම් සියල්ල අද ගලවාගෙන ගිය බව ද වාර්තා වෙයි.

ආණ්ඩුව ගෙදර යැවීමට ජනතාව අද අරගල භූමියට නොපැමිනීයහොත් තමන් ද අරගල භූමියෙන් ඉවත්වන බව අරගලකරුවෝ ඊයේ ප්‍රකාශ කොට තිබිණි.

අරගලයට සම්බන්ධව සිටි ප්‍රධාන කණ්ඩායම් ගණනාවක් මීට පෙර අරගල භූමියෙන් ඉවත්ව ගියහ.

අද වන විට මහා ජන සුනාමියක් කොළඹට කැඳවා රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව ගෙදර යවන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කොට තිබිණි.

මාධ්‍යකරුවන් අද වාර්තා කලේ එබඳු ජනකායක් හෝ සරත් ෆොන්සේකා මහතා හෝ අරගල බිමේ දකින්නට නොලැබුණු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *