හමුදාවේ කාර්යභාරය දැන් අවසන් – ජනාධිපති හමුදාවට තුති පුදමින් කියයි

 

ප්‍රචණ්ඩකරීන්ගේ ප්‍රහාරයෙන් පාර්ලිමේන්තුව රැක ගැනීමට හමුදාව ක්‍රියා කිරීම නිසා ප්‍රජාතන්ත්‍රවාදය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකුණු බවත්, එයට ජාතියේ ප්‍රණාමය හිමි වන බවත්, එයින් හමුදාවට කළ හැකි කාර්යය අවසන් වන බවත් කී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැන් ඉදිරි කටයුතු කරන්න තිබෙන්නේ පාර්ලිමේන්තුවට බව ද ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු සංකීර්ණය ආරක්ෂා කරගැනීමට සහභාගි වූ ආරක්ෂක හමුදා සාමාජිකයන්ට  ජනාධිපති ප්‍රණාම සහතික ද ප්‍රදානය කිරීම සඳහා පැලවත්ත අකුරේගොඩ යුධ හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය..

එදා ත්‍රස්තවාදය නැති කළා වගේ ආරක්ෂක හමුදා අද ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ බව ද ජනාධිපතිවරයා  එහි දී කීය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු සහ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ..

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *