විපක්ෂ නායක ‘මස් කට්ට’ රැකගන්න සජිත් පක්ෂය විනාශ කරනවා – සජබ ඇතුලෙන් විරෝධතා

 

විපක්ෂ නායක ලෙස තමන්ට ලැබී ඇති වරප්‍රසාද අහිමි වේ යැයි බිය වී සිටින සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතා ඉල්ලීමක් වන සර්ව පාක්ෂික ආණ්ඩුවකට සම්බන්ධ වීම වලකා පක්ෂය විනාශය කරා මෙහෙයවමින් සිටින බව සජබ අභ්‍යන්තරයේ ප්‍රබල පිරිසක් චෝදනා කරන බව වාර්තා වෙයි.

විපක්ෂ නායක ලෙස නිල නිවෙසක්, විශාල කාර්යාලයක්, කාර්ය මණ්ඩලයක්, වාහන විශාල සංඛ්‍යාවක් සහ ඉන්ධන ආදී වරප්‍රසාද ලබමින් සිටින සජිත් ප්‍රේමදාස මහතා සර්ව පාක්ෂික ආණ්ඩුවකට සම්බන්ධ විය යුතු බව කියන පක්ෂයේ ජෙෂ්ටයින්ට අපහාස කරමින් සිටින්නේ ඔවුන් ඇමති ‘මස් කටු’ ගැනීමට යන බව කියමින් වන අතර ඒ ගැන පක්ෂය තුළ දැඩි විරෝධයක් මතු වී ඇතැයි කියති.

මේ මොහොතේ රට වැටී ඇති අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා වගකීම් භාරගත යුතුව තිබිය දී, රටේ මෙන් ම පාක්ෂිකයන්ගේ ද අදහස් පසෙක ලා සජිත් ප්‍රේමදාස මහතා තම විපක්ෂ නායක වරප්‍රසාද රැක ගැනීමට ක්‍රියා කරමින් සිටින බවට පක්ෂයේ ප්‍රබලයෝ චෝදනා කරති.

සජිත්ගේ හැසිරීම නිසා පක්ෂයේ තවත් බෙදීමක් සිදු වී එය විනාශ වන තත්ත්වයට පත්ව ඇති බව ද කියති.

පක්ෂය සමග සම්බන්ධ වී සිටි සුළු ජාතික පක්ෂ සහ පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් ද පක්ෂයට අහිමි වීමට ඉඩ ඇති බව ද පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *