ග්ලයිෆොසෙට් තහනම ඉවත්කරයි

 

ග්ලයිෆොසෙට් වල් නාශකයට පනවා තිබු තහනම ඉවත් කොට තිබේ. මුදල් ඇමති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට්‌ නිවේදනයක් මගින් අගෝස්තු 5 දා සිට මෙම තහනම ඉවත් කොට ඇත.

ඒ අනුව බලපත්‍ර යටතේ මෙම වල් නාශකය ආනයනයට සහ බෙදාහැරීමට අවසර දී තිබේ.

ලොව පුරා වැඩි වශයෙන් භාවිතා වන මෙම වල් නාශකය මෙරට තහනම් කරන ලද්දේ එය වකුගඩු රෝගයට හේතු වන බවට ගෙනගිය ප්‍රචාරය හේතුවෙනි.

කෙසේ වෙතත්, මෙම වල් නාශකය විශාල ලෙස භාවිතා කරන ඇමෙරිකාවේ, යුරෝපයේ හෝ වෙනත් රටවල එබඳු රෝග ව්‍යප්තවීමක් දක්නට නැත.

මෙම වල් නාශකය බොහෝ රටවල් යොදා ගන්නේ එයින් මාළුන්ට් සහ කුරුල්ලන්ට පවා හානියක් සිදු නොවන බව පර්යේෂණ මගින් තහවුරු වී තිබීම හේතුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *