මෙරට ඉන්ධන බෙදන්න චීනයේ සිනොපෙක් එයි !

 

මෙරට ඉන්ධන  ආනයනය, බෙදාහැරීම සහ තෙල් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා චීනයේ විශාලතම සමාගමක් වන සිනොපෙක් සමාගම පැමිණීමට සුදානකින් සිටින බව වාර්තා වෙයි.

මෙරට ඉන්ධන වෙලඳපොළ ඇතුළු වීමට ඉන්ධන නිපදවන රටවල තවත් සමාගම්වලට අවසර දීම සදහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය යටතේ චීනයේ ප්‍රධානතම ඛනිජ තෙල් නිෂ්පාදන සමාගම මෙලෙස මෙරට වෙළෙඳපොළට පැමිණීමට කැමැත්ත ප්‍රකාශ කොට ඇති බව කියති.

දැනට ශ්‍රී ලංකාවේ තෙල් සැපයුම් 90% රජය විසින්ද ඉතිරි 10% ඉන්දීය තෙල් සමාගමෙන්ද සිදුකරනු ලබයි.

පසුගිය දිනවල ඛනිජ තෙන් සංස්ථාවේ තෙල් සැපයුම් අඩාල වී තිබිය දී අයි ඕ සී සමගම විශාල කාර්යයක් ඉටු කළේය.

මේ වන විට චීන සිනොපෙක් සමාගම් හම්බන්තොට වරාය පරිශ්‍රයේ තෙල් ගබඩාවක්ද ඉදි කරමින් පවතින බව ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *