ජෝසෆ් ස්ටාලින් ඇප මත නිදහස්

 

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (08)  නියම කළේය.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින්  මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කර ඇත.

අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් කොටුව පොලිස් බලප්‍රදේශය තුළ පිහිටි බැංකු මාවත ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරතවීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පොලීසිය මඟින් අත්අඩංගුවට ජෝසෆ් ස්ටාලින් මහතා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

ප්‍රකට වෘත්තීය සමිති නායකයකු සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන ජෝසෆ් ස්ටාලින් මහතා අත් අඩංගුවට ගැනීම ගැන බොහෝ සංවිධාන විරෝධය පළ කොට තිබු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහු අමතා කරුණු විමසා තිබේ. ස්ටාලින් මහතා නිදහස් කර ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා වෘත්තිය සමිති කටයුතු පිලිබඳ ජනාධිපති අධ්‍යක්ෂ සමන් රත්නප්‍රිය මහතාට උපදෙස් දී තිබිණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *