පාද යාත්‍රා රැලියේ සිටියේ 9200ක් බව බුද්ධි අංශ කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාද යාත්‍රාව අවසන් දිනය වූ අද දින එහි පැමිණි සෙනඟ පිළිබඳව නොයෙකුත් ආකාරයෙන් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ පිළිබඳව රාජ්‍ය බුද්ධි අංශ පෙන්වා දී ඇති සංඛ්‍යාවන් මෙසේ දැක්වේ.
ඔවුන් දක්වන ආකාරයට කිරිබත්ගොඩ සිට පෑලියගොඩ දක්වා පාද යාත්‍රාව ගමන් කරන විට එහි සහභාගීත්වය 4000ත් 5000ත් අතර පිරිසක් වී ඇත. පංචිකාවත්තේ සිට ඩාලි පාර දක්වා ගමන් ගන්නා මොහොත වන විට පාද යාත්‍රාවට සහභාගී වූ පිරිස 16,500ත් 17,000ත් අතර ගණනකට ඉහළ නැඟ ඇත.
ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූළස්ථානය පසුවන විට එතෙක් පැමිණි පිරිසෙන් කොටසක් ආපසු හැරී ගොස් ඇති අතර අවසානයේ ලිප්ටන් වටරවුම අසළ රැස්වීමට 9000ත් 9,200ත් අතර පිරිසක් සහභාගී වී ඇත.

(ලංකා නෙව්ස් වෙබ් )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *