බලයෙන් පහකරපු දුෂිත දේශපාලඥයෙක් පසසෙ යන්නේ විලි ලැජ්ජා නැති පිරිසක් – මහාචාර්ය අජන්තා හපුආරච්චි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාව ජනාධිපතිවරණයෙන් පරාජය කරමින් ජනතාව පැහැදිලි තීන්දුවක් දුන්නා. ඉන්පසුව පැවති මහ මැතිවරණයේදීත් මහින්ද කණ්ඩායම පරාජයට පත් වුණා. වත්මන් රජයේත්, වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පාලන කාලය 2020 දක්වා වළං`ගුයි. දැන් මහින්ද රාජපක්‍ෂ ඇතුළු කණ්ඩායමට උවමනා වෙලා තියෙනවා යළිත් ඉක්මනින් පාලන බලය අල්ලා ගැනීමට.  ඒ සඳහා පාද යාත‍්‍රාවක් පවා දියත් කරල තිබුණා. මේ දේශපාන සංසිද්ධීන් ඔබතුමිය දකින්නෙ කොහොමද?

මම නම් මෙය දකින්නෙ මහාමමහා විහිළුවක් විදිහටයි. පහුගිය කාලය දිහා බලනකොට අවුරුදු 2 ක් කියන්නේ ගරාවැටුණු රටක රජයකට ගොඩගන්න පුළුවන් කාලයක් නෙමෙයි. රට මොනතරම් ණය වෙලා තියෙනවද? ¥ෂණය වෙලා තියෙනවද? අවාසනාවන්තම කාලපරිච්ෙඡ්දය තමයි පසුගිය කාල පරිච්ඡෙදය. අපි එකක් මතක තබාගත යුතුයි. මහින්ද රාජපක්‍ෂට ගෞරවයක් දෙනවා නම් දිය යුත්තේ යුද්ධය නැවැත්වීම පිළිබඳව විතරයි. කවුරුත් එතුමාට ඒ ගැන ගෞරවය දෙනවා. එතුමාට ඡුන්ද සංඛ්‍යාවක් ලැබෙන්නේ ඒ ගෞරවය මතයි. පාදයාත‍්‍රා බාධාවකින් තොරව යන්න දිය යුතුයි. ඒ අය කරන්න යන දේ කරන්න ඉඩදිය යුතුයි. එතකොට මිනිස්සුන්ට තේරෙනවා මෙයාලා මොකක්ද මේ කරන්න හදන්නෙ කියල.

මේ රටේ මිනිස්සු තවමත් ශිෂ්ටාචාර සම්පන්න නෑ. මිනිස්සු දේශපාලන වශයෙන් දියුණුයි කියල කිව්වත් දේශපාලන වශයෙන් දියුණු නෑ. මහින්ද රාජපක්‍ෂ පරාජය කරන්න ලක්‍ෂ හතරක පහක වෙනසක් තිබුණෙ මේ රටේ බුද්ධිමතුන්ගේ සාරයයි. ඔවුන් තමයි රට එතනින් ගොඩගත්තෙ. පොදු ජනතාව නෙමේ. නූගත් පොදු ජනතාව තාමත් ඉන්නෙ මහින්දත් එක්ක.

මම හිතනවා මාදුලාවේ සෝභිත හාමුදුරුවො ඇතුළු සිවිල් ක‍්‍රියාකාරී කණ්ඩායම් තමයි එදා තිබුණ තත්ත්වයෙන් රට ගලවාගෙන අද තියන තත්වයට පත්කෙරුවෙ. සිවිල් ක‍්‍රියාකාරී නොසිටින්න රට කවදාවත් තිබුනු තත්ත්වයෙන් මුදා ගන්න හැකිවන්නේ නෑ.

පාගමන් ගිහින්, නැත්නම් වෙනත් ආකාරයකින් අරගල කරල අපේ වගේ රටක පාලනය පෙරලා දමන්න පුළුවන්ද?

එහෙම කරන්න කවදාවත් බෑ. එහෙම පුලූවන් වුණානම් ජනතා විමුක්ති පෙරමුණට පලූවන්කම තියෙන්න  ඕනැ 1971, 1989 කාලවලදි මේ රට සිවිල් අරගලයකින් පෙරලා දාන්න. එදා ඔවුන්ට විශාල සංවිධාන ශක්තියක් තිබුණා. එදත් බැරිවුණා නම් සිවිල් අරගලයකින් ආණ්ඩු වෙනස් කරන්න ආයෙ පුලූවන්වෙයි කියල විශ්වාස කරන්න බෑ.

මේ රටේ මිනිස්සු යුද්ධයේ පාඩම් සහ ජේ.වී.පී. මැඩපැවැත්වීමේ පාඩම් දන්නව නම් කිසිම දවසක අරගලයකට ලෑස්ති වෙන්නෙ නෑ. මහින්දත් එක්ක ඉන්න කණ්ඩායම අරගලයකට උත්සාහ කෙරුවට පොදු ජනතාවගෙන් නම් අරගලයක් බලාපොරොත්තු වෙන්න බෑ.

එදා දේශපාලඥයින් අදට වඩා බුද්ධිමත්, ශිෂ්ටසම්පන්න පිරිසක් නේද? දැන් ඡුන්දදායකයා එවැනි සුදුස්සන් තෝරා පත්කර නොගන්නේ ඇයි?

1978 ව්‍යවස්ථාවත් ඒකට වගකියන්න  ඕනෙ. 1978 ව්‍යවස්ථාව තුළින් මේ රට විනාශ කරන පාර්ලිමේන්තු ක‍්‍රමයක් තමයි ඇති වුනේ. එයින් සිද්ධ වුනේ, පෙර කාලවලදී මේ රටේ තිබුණ දේශපාලන මුල් වෙනුවට දේශපාලනය නොදන්න, රට ගැන හැ`ගීමක් නැති පිරිසක් පාලනයට පැමිණීමයි. එදා දේශපාලකයන් රට වෙනුවෙන් මිසක් ඔවුන්ගේ සුඛවිහරණයට දේශපාලනය කරපු අය නෙමෙයි. ඒ පරම්පරාවම දැන් නැතිවෙලා ගිහින්. ඒ නිසා මිනිස්සු දැනුත් ‘අපි කැපුවත් නිල්, කැපුවත් කොළ’ කියල කියන්නෙ මුල් කාලයේ සේනානායකලාට ඇති ගෞරවය සහ බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ට කරන ගෞරව නිසා මිසක් දැන් ඉන්න දේශපාලඥයන් කෙරේ ඇති ගෞරවයක් නිසා එහෙම නෙමෙයි. මම ඒක හොඳටම දකිනව.
දැන් ඉන්න දේශපාලඥයන්ට හිතෛශීපාක්‍ෂිකයන් නෑ කියන එකට පුංචි උදාහරණයක් තමයි, පක්‍ෂ ලාංඡුනය මාරු වීම. ඉස්සර ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලාංඡුනය අත. ඊට පස්සේ සන්ධනාගත වෙලා පුටුව ලකුණ ආවා. ඊට පසුසේ පුටුව වෙනස් කරල බුලත් කොළේට ආවා. මෛත‍්‍රී පාල සිරිසේන මහත්තයා බලයට ආවේ හංසයාගේ ලකුණින්. ඒකෙන් තේරෙනවා පක්‍ෂයවත්, ලකුණවත් නෙමෙයි මිනිස්සු බලන්නෙ. දැන් මිනිස්සු බලන්නෙ ප‍්‍රතිපත්ති ගරුක මිනිහෙක්. ඒ තැනට මිනිස්සු ඇවිල්ලා තියෙනව. ඒක හොඳ ප‍්‍රවනතාවයක්. පක්‍ෂ වෙනුවෙනුවෙන් සුළු කණ්ඩායමක් දැ`ගලූවට පක්‍ෂවල මිනිස්සු නෑ.

පක්‍ෂවලට නැවත ගොඩනැගෙන්න, නැවත ප‍්‍රතිසංස්කරණය වෙන්න සිද්ධ වෙලා තියෙනව. දැන් තියෙන ප‍්‍රධාන පක්‍ෂවලට මුල් නැහැ. විජේවීර නැතිවුණාට පස්සෙ ඒ පක්‍ෂයට මුල නැතිව ගියා. විජය කුමාරතුංග කොච්චර හොඳ දැක්මක් තිබුණ නායකයෙක් ද? එතුමා නැතිවුණාට පස්සෙ ඒ පක්‍ෂයේ මුල නැතිව ගියා. බණ්ඩාරනායක නැති වුණාට පස්සේ සිරිමාවෝ බණ්ඩාරනායක වෙනකම් එහි මුල් තිබුණා. ඉන් පස්සෙ එහි මුල් සිඳීගියා. ඊට පස්සෙ එන මුල් ගැන ජනතාවගේ විශ්වාසයක් නැහැ.  යූ.එන්.පී. එකේ ඉන්න වර්තමාන නායකයන් ගැන මිනිස්සුන්ගෙ විශ්වාසයක් නෑ. මිනිස්සුන්ගෙ එක්සත් ජාතික පක්‍ෂය ගැන ගෞරවයක් අදත් තියෙනව නම් තියෙන්නෙ ගොවි ජනපද ඇතිකරපු, මහවැලිය ඇති කරපු, රජරට සංවර්ධනය කරපු නායකයන් නිසායි. පක්‍ෂ දේශපාලනය කියන එක මේ වන විට දියාරු වෙලා ගිහින්. මේ පක්‍ෂවලට සිද්ධ වෙනව නව ප‍්‍රවනතාවයකින් ගොඩ එන්න.

මැතිවරණ ක‍්‍රමයේ වෙනසක් ඇති කළ යුතුයි කියන මතවාදය දැන් කරළියට ඇවිත් තියෙනව. මානප ක‍්‍රමය නැති කර කේවල ක‍්‍රමයකට යායුතුයි කියන අදහස දැන් ඉදිරියට ඇවිත් තියෙනව.

ඒක හොඳ අදහසක්. මානාප ක‍්‍රමය තුළින් දේශපාලනයට තබා ගමක මරණාධාර සංගමයක සභාපතිකමටවත් නුසුදුසු පුද්ගලයන් පාර්ලිමේන්තුවට ආව. ඔවුන්ගේ නොදැනුවත්කම නිසා රටට විශාල හානියක් සිද්ධ වුනා. ඔවුන් කළේ තමන්ටත් වඩා නූගත් ඥාතීන්ට ප‍්‍රතිපත්තිමය හා පරිපාලනමය තීන්දු ගන්නා තනතුරු ලබා දීලා රට විනාශමුඛයට ඇද දැමීමයි. අනිත් අතින් රටට ඔරොත්තු නොදෙන පාර්ලිමේන්තුවක් ඇති වීම පමණයි. රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් සේවය කරන්න ඔවුන් පුලූවන්කමක්වත්,  ඕනකමක්වත් තිබුණෙ නෑ.

පරාජිත දේශපාලඥයන් ජාතික ලැයිස්තුව තුළින් පාර්ලිමේන්තුව තුළට ගැනීම ගැන රජයට විශාල වශයෙන් චෝදනා නැගෙනව නේද?

ස්ථාවර රජයක් නැති කමින් පසුගිය කාලේ සිදු වූ ඇබැද්දිය ගැන බලනකොට රටට විශාල හානියක් සිදුකර තියෙනව. ස්ථාවරත්වය රැුක ගැනීමට පක්‍ෂ මාරුවලට ඉඩ දුන්නා. එයින් සිදුවුනේ පරමාධිපත්‍ය කියන දේ නැතිවීමයි. අද අපිට කියන්න පුලූවන්ද පාර්ලිමේන්තුවෙ ඉන්නේ ජනතා පරමාධිපත්‍ය රකින මිනිස්සු කියල. එහෙම කියන්න බෑ. ජනතාව ප‍්‍රතික්‍ෂේප කරපු මිනිස්සු පාර්ලිමේන්තුව තුළට ගත්තාම ජනතාව ප‍්‍රශ්න කරන විට ඔවුන්ට කියන්න පුලූවන් මම පාර්ලිමේන්තුවට ආවේ ඔබලාගෙ ඡුන්දයෙන් නෙමෙයි කියල. වර්තමාන රජය ස්ථාවරව පවත්වාගෙන යාමේ බරපතල ප‍්‍රශ්නයක් නිර්මාණය වෙලා තියෙනව.

රජය ජනතාවට දුන් පොරොන්දු ඉටු කෙරුවෙ නෑ කියල චෝදනාවක් තියනව නේද? ඒ වගේම ජීවන වියදම වැඩි වීම නිසා ජනතාව මැසිවිලි නගනව.

රජය මූල්‍යමය ශක්තිය අතින් ලොකු අර්භූදයකට මූණ දීල තියෙනව. රජය බලයට පත්කරන්න උදව් කරපු පැන්ෂන් ගිය සේවකයන් පවා යළි සේවයට අරගෙන තියෙනව. එක් එක් ආයතනවලට උපදේශක තනතුරු දීල යළි බඳවාගෙන තියෙනව. ආණ්ඩුවට එක් අතකින් ඇමතිවරු, මන්ත‍්‍රීවරු රකින්න, සතුටු කරන්න සිද්ධවෙලා තියෙනව. අනිත් අතින් නිලධාරින්ව රකින්න සිද්ධ වෙලා තියෙනව. ඒ දෙගොල්ල රකින්න මූලිකත්වය දෙනකොට ජනතා ප‍්‍රශ්න උග‍්‍ර වෙන්න පටන් ගන්නව. රජය ජනතාවට පොරොන්දු ගොඩක් දුන්නා තමයි.

ජනතාව කවදා හරි ජනතාවගේ ප‍්‍රශ්න වලට විසඳුම් ලබාගත්ත නම් ඒවා පොරොන්දු වුන හින්දා කැමැත්තෙන් දුන්න ඒවා නෙමෙයි. අරගල වලින් ජයග‍්‍රහණය කරපු අයිතිවාසිකම් දිනා ගැනීමක් තමයි තියෙන්නෙ. හඳෙන් හාල් ගෙනත් දෙන්නම් කියල පොරොන්දු වුනාට පස්සෙ මිනිස්සු පොරොන්දු දේශපාලනයක් විශ්වාස කරන්නේ නැහැ. දැන් පොරොන්දු දේශපාලනය මිනිස්සු විශ්වාස කරන්නේ නෑ.
බහුතරයක් නිලධාරීන් විසින් සුළුතරයක් දේශපාලඥයන් හා නිලධාරීන් රකින්න සිද්ධ වෙච්ච නිසා මහා ධනස්කන්ධයක් වියදම් කරන්න වෙලා තියෙනව. ඒ නිසා පොදු ජන ප‍්‍රශ්න විසඳීමට නොහැකි තත්ත්වයක් ඇතිවෙලා තියෙනව. විශ‍්‍රාම ගිය ලේකම් වරයෙක් ලක්‍ෂ ගණනක පඩියකට රස්සාවට ගන්නව කියන්නෙ, ඔහුට කාර් එකක් සහ වෙනත් පහසුකම් ලබා දෙනව කියන්නෙ, උපාධි ධාරීන් තුන් හතරදෙනෙකුට රැුකියා දෙන්න තියෙන අවස්ථාව නැතිවෙනව කියන එකයි.

පාදයාත‍්‍රාව යන අයගෙ ප‍්‍රධාන තේමාව වෙන්නේ ව්‍යවස්ථා මර උගුල පරදවමු කියලයි. යෝජිත ව්‍යවස්ථාව මරඋගුලක්ද?

ඒක මර උගුලක්ද නැද්ද කියල කියන්න පුළුවන් කෙටුම්පත් කියල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපුවාම තමයි. නොදැක්ක ව්‍යවස්ථාවක් ගැන කොහොමද එහෙම කියන්නෙ. ඔවුන්ගේ කල්ලියේ ඉන්න ඩිව් ගුණසේකරට නම් මේක වැටහිලා තිබුණා. ඔවුන් මේ ලෑස්තිවෙන්නෙ මනාප ක‍්‍රමය  රැුකගන්නයි. නැත්නම් ඔවුන් සමග ඉන්න කුඩා පක්‍ෂවලට බලයට ඒමට පුලූවන්කමක් ලැබෙන්නෙ නෑ.

රටට ගැලපෙන ව්‍යවස්ථාවක් අත්‍යාවශ්‍ය වෙලාවක් නිර්මාණය වෙලා තියෙනව. දැන් ව්‍යවස්ථාව ගැන කතා කරන්නෙ මොනවද? සිංහයයි, ආගමයි, කොඩියයි  ඕව නෙමෙයිනෙ කතා කරන්න තියෙන්නෙ. බරපතලම ප‍්‍රශ්නය තියෙන්නෙ මැතිවරණ ක‍්‍රමය හා පාර්ලිමේන්තු ක‍්‍රමය. රටට ඔරොත්තු දෙන්නෙ නැති පාර්ලිමේන්තුවක් තියාගෙන, මන්ත‍්‍රී සංඛ්‍යාව, ඇමති සංඛ්‍යාව සීමා කරගන්න එක ගැන තමයි කතා කරන්න  ඕනැ. සිවිල් කණ්ඩායම් වලට ව්‍යවස්ථාවෙන්ම ඇමති මණ්ඩලයට වඩා ලබාගත යුතුයි.

පාර්ලිමේන්තුවෙ ඉන්නෙ මොළේ තියෙන අය නෙමෙයි. පාර්ලිමේන්තුවෙ ඉන්නෙ තමන්ට වාසියක් වෙනව  ඕන දේකට හා කියන පිරිසක්. එහෙම කණ්ඩායමක් රට පාලනය කෙරුවට රටට කිසිවැඩක් නැහැ.
චීනය, රුසියාව වගේ රටවල බලමණ්ඩලයක් ඉන්නව. යම් කිසි තීරණාත්මක අවස්ථාවක එම බලමණ්ඩලයට ඉදිරිපත් කරල, ඒ බලමණ්ඩලයේ නිර්දේශ මතයි ක‍්‍රියාත්මක වෙන්නෙ. අපේ රටෙත් සිවිල් කණ්ඩයම් බලමණ්ඩලයක් ලෙස ව්‍යවස්ථාවෙන්ම ස්ථාපිත කළ යුතුයි. ඒක තමයි යුගයේ තියෙන වඩාත්ම වටිනා කාර්යය. පොදු ජනතාව දේශපාලන දැනුම අතින් අන්තිම නූගත්. පොදු ජනතාවට රුපියල් පන්සියයකුයි, බත් පැකට් එකකුයි දුන්නොත්  ඕන දෙයකට නම්ම ගන්න පුලූවන්.

මාදුලාවේ සෝභිත හාමුදුරුවො, සිවිල් කණ්ඩයම් එක්ක කෑ ගැහුවෙ නැත්නම් 19 වෙනි ව්‍යවස්ථාව වෙනස් කරගන්න හම්බ වෙන්නෙ නෑ. 19 වෙන් ව්‍යවස්ථාව වෙනස් කරගැනීමට ඡුන්දය පාවිච්චි නොකර එළියට බහින්න එපා කියල හාමුදුරුවො තරයේම කිව්ව. ඒ නිසයි ඒක කරගන්න හැකි වුනේ. සිවිල් කණ්ඩායම්වලට ව්‍යවස්ථාමය බලයක් ලැබෙනකම් මේ රට ගොඩගන්න ලැබෙන්නෙ නෑ.
ඞී.එස්., ඩඞ්ලි, බණ්ඩාරනායක ඇතුළු එදා හිටපු දේශපාලඥයන් රටට සේවයක් කළ බවට කිව්වත් ඔවුන් කළෙත් සුළුතරයක් වන ධනපතියන් රකින එක නේද? ඒ වාකවානුවෙ කිව්වෙ ධනපති පවුල් 35ක් රැුකීම වෙනුවෙනුයි මේ පාලක පන්තිය වෙහෙසෙන්නෙ කියල මතයක් තිබුණ.

ඩොනමෝර් කොමිසම හොඳින් කියවල බැලූවොත් තේරෙනව එදා දේශපාලනඥයන්ගෙ බුද්ධිමත් භාවය මෙන්ම ධනවත් භාවය පිළිබඳවද සලකා බැලූව කියල. ධනවතෙක් දේශපාලනයට ආවාම ජනතාවගේ මුදල් සූරගෙන කාලා අවභාවිතය කරන්නෙ නැති බවට ඔවුන් දැනගෙන හිටිය.  ඒ මිනිස්සු ධනපති පන්තිය රැුක්කත් පොදු ජනතාව වෙනුවෙන් කරන්න පුලූවන් දෙයක් ඒ කාලෙ හැටියට කෙරුව. ඔවුන් රටේ ජනතාව හූරගෙන කෑවෙ නෑ. එතනයි වෙනස තියෙන්නෙ. ඔවුන් විසින් ඉතිරිකරපු ප‍්‍රතිරූපය තමයි අදටත් එක්සත් ජාතික පක්‍ෂය තුළ ඉතිරිවෙලා තියෙන්නෙ. පේමදාස යුගයේ නිවාස වැඩපිළිවෙලයි, ගාමිණි දිසානයකගෙ මහවැලි ව්‍යාපාරයයි, ඇතුළත් මුදලි මහතාගේ මහපොළ සංකල්පයයි විතරයි සේනානායක පරපුරෙන් පසුව ජනතාවට දැනෙන යමක් කරල තියෙන්නෙ.

එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත්වෙලා බණ්ඩාරනායක මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආරම්භ කෙරුවෙ ධනපති පන්ති නියෝජනයකින් තොරව නිර්ධන පන්ති ව්‍යාපාරයක් තුළින් රට ස්වයං පෝෂිත කිරීම සඳහායි. එතනදි ඔහු ස`ග, වෙද, ගුරු, ගොවි, කම්කරු කියන පංච මහා බලවේගයක් හදාගත්තා. එතනදි වුන ලොකුම වැරැුද්ද තමයි සංඝයා වහන්සේලා මේකට ගාව ගත්ත එක. ඒකෙ බරපතලකම අද වෙනකොට හොඳින් ඉස්මතුවෙලා පේනව. සෝභිත හාමුදුරුවො වගේ එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න අනිත් සියලූම භික්‍ෂූන් වහන්සේලා නූගත්, අවස්ථාවදියි. අප‍්‍රබුද්ධයි, කට්ට කෛරාටිකයි මම මේක කිව්ව කියල කවුරු හරි දොස් කිව්වත් කමක් නෑ.

භික්‍ෂූන් වහන්සේලාට තියෙන්නෙ ලෝකොත්තර සැප විඳින්නයි. ගිහියන්ට ලෟකික සැප විඳින්න පුලූවන්. අද වෙන්නෙ ඒ අය ලෞකික සැප විඳ විඳ ගිහියන්ට ලෝකෝත්තර සැප විඳින්න බණ කියන එකයි.  භික්‍ෂූන් වහන්සේලා දේශපාලනයට ඇවිත් රට විනාශ කරනව මිසක් රට ගොඩගන්න කිසිම කෙනෙක්ගෙන් සේවයක් වෙනව මම දකින්නෙ නෑ.  භික්‍ෂූන් වහන්සේලා කණ්ඩායමක් පාගමනට එකතු වෙනව කියල කියනව. ඔවුන්ට ලැජ්ජා නැද්ද බලයෙන් පහකරපු ¥ෂිත දේශපාලඥයෙක් පස්සෙ යන්න. එය ඉතාම කණගාටු දායක තත්ත්වයක්.

(මේ ලිපියේ තවත් කොටසක් ඉදිරියේ දී බලාපොරොත්තු වෙන්න)

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *