සර්ව පාක්ෂික වැඩ පිළිවෙළකට ජනපති හමුවෙන්න සජබ තීරණය කරයි

 

සර්ව පාක්ෂික වැඩ පිළිවෙළක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කර ඇති ආරාධනය පිළිගෙන සාකච්ඡාවට සහභාගී වීමට සමගි ජන බලවේගය අද තීරණය කළේය.

ඒ අනුව සමගි ජන බලවේගයේ නායක , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු නියෝජිත පිරිසක් ලබන සිකුරාදා ජනාධිපතිතුමා සමග සාකච්ඡාවට සහභාගී වීමට නියමිත ය.

සමගි ජන බලවේගයේ කළමනාකාර කමිටුව අද රැස් වූ අවස්ථාවේ දී මම තීරණය ගෙන තිබේ.

සර්ව පාක්ෂික වැඩ පිළිවෙලක් පිලිබදව සියලු පක්ෂ සමග සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කොට ඇත.

ඒ අනුව පක්ෂ වෙන වෙනම හමු වී සාකච්ඡා කිරීම ජනාධිපතිතුමා අද ආරම්භ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *