ජනපති බලය සීමා කළ අලුත් 22 සංශෝධනය හෙට කැබිනට් මණ්ඩලයට

 

ජනාධිපති බලතල සීමා කෙරෙන ලෙස යලි සකස් කළ නව 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය හෙට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙන බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිගේ බලය සීමා කිරීම තම දුර කාලයෙන් පසුව ක්‍රියාත්මක වීම සඳහා ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඉල්ලීම අනුව ඇතුළත් කොට තිබු අන්තර් කාලීන විධිවිධාන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඉවත් කොට නව සංශෝධනය සකස් කොට ඇති බව ඇමතිවරයා කියයි.

ඇමතිවරුන් පත් කිරීමට ජනාධිපතිට තිබු අභිමතානුසාරී බලය, ඇමති ධුර දැරීමට ජනාධිපතිට තිබු බලය ඇතුළු විධිවිධාන මෙලෙස ඉවත් කොට තිබේ.

19 වැනි ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා සංශෝධනයට සමාන ලෙස සහ ඇතැම් කරුණුවල දී ඊටත් වඩා පාර්ලිමේන්තුව ශක්තිමත් වන පරිදි නව සංශෝධනය සකස් වී ඇති බව ඇමති විජේදාස රාජපක්ෂ මහතා වැඩි දුරටත් පවසයි.

ඇමති මණ්ඩලයේ අනුමැතිය ලැබූ වහාම මෙම සංශෝධනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. ශ්‍රේෂ්ටාධිකරණයට කිසිවකු පෙත්සම් ඉදිරිපත් නොකළ හොත් සතියකින් පසු එය පාර්ලිමේන්තුවේ සම්මත කළ හැකි බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *