ලෙඩා ගොඩ ගන්නවාද? මැරෙන්න අරිනවාද ? – ජනාධිපති රනිල් වික්‍රමසිංහ


 

ශ්‍රී ලංකා ආර්ථිකය නැමති ලෙඩා බෙහෙත් දීලා සුව කරන්න උත්සාහ කරනවාද?බෙහෙත් නොදී මැරෙන්න ඉඩ දෙනවාද?කියා තීරණය කළ යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සියලු දේශපාලන පක්ෂ එක්කර ගනිමින් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා රට මුහුණපා ඇති සමාජ, ආර්ථික හා දේශපාලන අභියෝග ජය ගැනීම සඳහා නව මාවතක ගමන් කිරීම තම අරමුණ බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රට ගොඩනැගීම සඳහා ක්‍රියාත්මක කරන එම වැඩපිළිවෙලේදී මහා සංඝරත්නයේ අවවාද, අනුශාසනා නොමදව අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන්ය.

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැ දැකීමට පැමිණි ජනාධිපතිවරයා මෙි බව කීය.

මල්වතු මහා විහාරයීය උපෝසථාගාරය වෙත රැස්ව සිටි මල්වතු මහා නාහිමියන් ප්‍රමුඛ අනුනායක හිමිවරුන් සහ කාරක සංඝ සභික භික්ෂුන් වහන්සේ ආගමික වතාවත් සිදු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාද පළ කළහ.

(අංජුල මහික වීරරත්න)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *