සර්ව පාක්ෂික ආණ්ඩුව ගැන සජබ ප්‍රබලයෝ සජිත්ට එරෙහි වෙති

 

සර්ව පාක්ෂික ආණ්ඩුවකට සම්බන්ධ නොවන බවට සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයට පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් විරෝධය පළ කොට ඇති බව වාර්තා වෙයි.

ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, කබීර් හසීම් ඇතුළු පිරිසක් සජිත්ගේ ප්‍රකාශයට ඍජු ලෙස ම විරුද්ධ වෙමින් කරුණු දක්වා ඇති අතර පක්ෂයේ ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා ද එම අදහස් අනුමත කොට ඇත.

පසුගියදා පක්ෂ විධායක සභාව රැස් වූ අවස්ථාවේ මේ පිළිබඳව බරපතළ විවාදයක් ඇති වී තිබේ.

පක්ෂයේ ප්‍රබල කණ්ඩායමක් සර්ව පාක්ෂක ආණ්ඩුවකට සම්බන්ධ වීමට සුදානමින් සිටින බව ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *