තමන්ගේ අරමුණු වෙනුවෙන් ෆොන්සේකා අරගලය බිල්ලට දෙන්න හදනවා – සර්ව පාක්ෂික අරගලකරුවෝ

 

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා තමන්ගේ දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා අරගලය බිල්ලට දීමට හදන බව සර්ව පාක්ෂික අරගලකරුවෝ සංවිධානය චෝදනා කරයි.

අරගලය මර්දනය කරවීම සඳහා විවිධාකාර කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන බවත්, අසංවිධානාත්මක අරගල සඳහා ජනතාව කැඳවා බිල්ලට දීමේ උත්සාහයන්ගෙන් ප්‍රවේශම් වන ලෙසත්, එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සර්ව පාක්ෂික අරගලකරුවෝ සංවිධානය ඊයේ නිකුත්කළ මාධ්‍ය නිවේදනයක් මගින් ද මෙම අනතුරු ඇඟවීම සිදුකොට තිබේ.

අරගලය අවසන් කරමින් ආණ්ඩුව ගෙදර යැවීමට අගෝස්තු 9 දා කොළඹට එන ලෙස සරත් ෆොන්සේකා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. පසුගියදා පාර්ලිමේන්තුවේ දී කළ එම ප්‍රකාශය ගැන අරගලයට සම්බන්ධ පාර්ශව ගණනාවක් සිය විරෝධය පළ කොට ඇත.

අරගලයේ ආරම්භයේ සිට සහභාගී වූ කණ්ඩායම් ගණනාවක් මේ වන විට අරගල භූමියෙන් ඉවත්ව ගොස් ඇත්තේ මින් ඉදිරියට ඇත්තේ වෙනත් ආකාරයක අරගලයක් බව ප්‍රකශ කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *