‘ලිබරල් සහෝදරත්වය’ අරගලයෙන් ඉවත් වෙයි


 

ගාලුමුවදොර අරගලය ආරම්භ වීමටත් පෙර සිටම අරගලය වෙනුවෙන් අඩිතාලය දැමූ ලිබරල් සහෝදරත්වයසංවිධානය අරගල භූමියෙන් ඉවත් වන බව එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ධූරය හැරයාමත් සමඟ ගාලුමුවදොර පිටියේ අඛණ්ඩව ගෙනගිය අරගලයේ අරමුණ ඉටුවූ බවත් සමාජ ක්‍රියාකාරීන්ගේ මැදිහත්වීමෙන් සකස් කළ ‘ගාලුමුවදොරින් ඔබ්බට’ මාලාව ක්‍රියාත්මක කළ හැක්කේ පුළුල් දේශපාලන, ආර්ථික සහ සමාජීය කථිකාවතකින් ඇති වන එකඟතාවකින් මිස තව දුරටත් අරගල කිරීමෙන් නොවන බවත් ‘ලිබරල් සහෝදරත්වය’ සංවිධානය කියයි.

වර්තමානයේ ගාලුමුවදොර අරගලය කණ්ඩායම් සහ පුද්ගලයන් කීපදෙනෙක් ඔවුන්ගේ දේශපාලන මතවාදය ප්‍රචලිත කිරීමට යොදාලැනීමෙන් අරගලයේ පොදු අරමුණ බොඳවී ඇති බව කී ලිබරල් සහෝදරත්වය’ සංවිධානය එම කරුණ හේතුවෙන් එම සංවිධානය අරගලයෙන් ඉවත්වීමට තීරණය කළ බව ද සඳහන් කරයි.

(යොහාන් භාසුර)

ලංකාදීප

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *