මෙි අරගල කරුවන් නොවේ අරාජිකකරුවන් – ජානිපෙ නායක විමල් වීරවංශ

 

 

දැන් ඉන්නේ අරගල කරුවන් නොව අරාජික කරුවන් බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී  පැවසීය.

මෙහි තිබෙන්නේ රාජ්‍ය බිඳ වැට්ටවීමෙි කුමන්ත්‍රණයක් යැයිද ඊට ඉඩ දෙන්න බැරි යැයිද කී වීරවංශ මහතා තමාට රනිල්ගෙන් ඇමතිකම් අවශ්‍ය නැති නමුත් “මට මගේ රාජ්‍ය ඕනෑ” යැයි පැවසීය.

ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ සාධාරණ ආවේගයට ගරහන්නේ  නැති නමුත් රාජ්‍ය බිඳ වැට්‍ටවීම සඳහා මහජන පීඩනය අවභාවිතා කරමින් සිටින බවද වීරවංශ මහතා කීය.

මොන බෙිද තිබුනත් තීරණාත්මක මොහොතක  රාජ්‍ය රාජ්‍යය බිඳ වැට්ටවීමේ කුමන්ත්‍රණයෙන්  රාජ්‍ය ගලවා ගත යුතු බවද එන එන මිනිහා ගෝ හෝම්  කියන්න කාටවත් යුතු කමක් නැතැයි ද විමල් වීරවංශ මහතා පැවසීය.

ගෝඨා ගෝ හෝම්  කිව්වම ගියා. දැන්වත් මේ රටට ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ඉඩ දෙන්නේ නැද්දැයි වීරවංශ මහතා ප්‍රශ්න කළේය.

රාජ්‍ය දේපළ අත්පත් කර ගැනීම සාමකාමී දැයි ප්‍රශ්න කළ වීරවංශ මහතා ලංකා හමුදාවේ සාමකාමී දියුණු කම නිවට කම කියා හිතන්න එපා යැයි පැවසීය.

පාර්ලිමේන්තුවේ  හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට එක්වෙමින් වීරවංශ මහතා  මේ බව කීය.

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකාදීප

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *