හදිසි නීති ඡන්දයෙන් ආණ්ඩුව පැරදවීමේ සජබ උත්සාහය වරදියි ; ස්වාධින පක්ෂ ආණ්ඩුව සමග !

 

හදිසි නීතිය සම්මත කිරීම සඳහා අද පාර්ලිමේන්තුවේ පවත්වන ඡන්ද විමසීමේ දී විපක්ෂයේ සියලු කණ්ඩායම් සහ ආණ්ඩුවේ ඩලස් පිල එක්සත් කර ආණ්ඩුව පැරදවීමට සමගි ජන බලවේගය දැරූ උත්සාහය ස්වාධින පක්ෂ හදිසි නීතියට පක්ෂ වීමට තීරණය කිරීමත් සමග අසාර්ථක වන ලකුණු පහල වී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.

හදිසි නීතියට විරුද්ධව ඡන්දය දීමට සමගි ජන බලවේගය ඊයේ තීරණය කළ නමුති ස්වාධින පක්ෂ දහය තීරණය කොට ඇත්තේ හදිසි නීතියට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට ය.

දෙමළ ජාතික සන්ධානය සහ ජාතික ජන බලවේගය හදිසි නීතියට විරුද්ධව ඡන්දය දීමට ඊට ඇතත් , ආණ්ඩුවෙන් ස්වාධින වූ මන්ත්‍රීවරුන්ගේ සහ ඩලස් කණ්ඩායමේ සහය ද එයට නොලැබෙනු ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි.

රහස් ඡන්දයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රීවරුන්ට විවෘත ඡන්දයක දී එසේ කළ නොහැකි වීම ප්‍රයෝජනයට ගෙන එම සියලු ඡන්ද ලබාගෙන ආණ්ඩුව පරාජය කිරීම සමගි ජන බලවේගයේ සැලසුම වී තිබු බව කියති.

කෙසේ වෙතත්, එය අසාර්ථක වී ඇත්තේ ඒ සඳහා සහය දීමට ස්වාධින වූ කණ්ඩායම් ඉදිරිපත් වී නැති හෙයිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *