විපක්ෂයේ සිටියත් මහින්ද පාද යාත්‍රාවට රජයේ වාහන හොරෙන් අරන්..! වෑන් රථයක් හා දොඹකරයක් අත්අඩංගුවට..!

ප්‍රවාහන හා ගුවන් සේවා අමාත්‍යාංශයට අයත්  වාහන දෙකක් ව්‍යාජ ලෙස රැගෙන ගොස්  පාද යාත්‍රාවේ කටයුු සදහා යොදවා තිබියදී ඊයේ  (30) වරකාපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ධර්මසිරි සේනානායක ගුණසමරු උත්සවය සඳහා යෙදවීමට අවශ්‍ය බව පවසා මෙම රථ දෙක රැගෙන ගොස් ඇත. ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ ගුවන් තොටුපළ වෘත්තීය සමිතියේ සභාපතිවරයා වන වර්ණසිරි මොහන්දිරම් විසින් මෙම  වෑන් රථය හා දොඹකරය රැගෙනගොස් ඇති අතර මේ වනවිට ඔහුද පොලිස් අත්අඩංගුවේ පසුවේ.

මෙම වාහන දෙක අත්අඩංගුවට ගැනීමට විවිධ බාධා එල්ල වුවත් පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ සෘජු මැදිහත් වීම යටතේ වාහන අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

colomboxnews

Leave a Reply

Your email address will not be published. Required fields are marked *