ලංකා බැංකුවට දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගෙන් කෝටි 6ක පොල්ලක්..!

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාට අයත් පී.එන්.ඩී. කන්ස්ට්‍රක්ෂන් සමාගම විසින් ලංකා බැංකුවෙන් ලබාගත් කල්බදු ණය මුදලක් නොගෙවා ඇතැයි ලංකා ඉරිදා පුවත්පත වාර්තාකර තිබේ. මෙසේ නොගෙවන ලද ණය මුදල රුපියල් හයකෝටි හැත්තෑහය ලක්ෂ හාරදාස් එකසිය හතලිස් එකක් (67,604,141) බව පැවසේ. එම ණය ප්‍රමාණය 2014 දෙසැම්බර් 31 වැනිදාට තිබූ මුළු ණය පුමාණයේ ශේෂය බව පැවසේ. ඒ සඳහා ඇතුළත්විය යුතු පොළී ප්‍රමාණය ගණනය කර නැති බවද වාර්තා වේ.

එසේම එම සමාගම ලබාගත් අදාළ කලබදු පහසුකමේ කිසිදු වාරිකයක් මෙතෙක් ගෙවා නැතැයිද එම පුවත්පත වාර්තා කර ඇත. මේ ණය මුදල බැංකුවේ අක්‍රීය ණය ලෙස නම්කර ඇති බව ලංකා බැංකුවේ ගිණුම් විගණනය කිරීමේදී විගණන දෙපාර්තමේන්තුව විසින් හෙළිකරගෙන තිබේ. ලංකා බැංකුවෙන් කල්බදු ණය ගෙන නොගෙවන ලද විශාලතම ණය මුදල් අතර මේ ණය මුදල දෙවැනි තැන ඇති බවත් එහි පළමු තැන බිස්නස් පෝරම් පුද්ගලික සමාගම ඇති බව පැවසේ.

2014 දෙසැම්බර් 31 වැනිදා වන විට කල් බදු ණය නොගෙවීම නිසා ලංකා බැංකුවට අයවිය යුතු මුළු ණය මුදල කෝටි 32කට අධික බවද වාර්තා වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *