ඔබේ රටවලත් රජයේ කාර්යාල අල්ලාගෙන ඉන්න කැරලිකරුවන්ට ඉඩ දෙනවා ද ? – ජනාධිපති තානාපති නිලධාරීන්ගෙන් අසයි

 

ඔබගේ රටවල රජයේ කාර්යාල අල්ලාගෙන ඉන්න කැරලි කරුවන්ට ඉඩ දෙනවා දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට විදේශීය තානාපති නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ බව වාර්තා වෙයි.

ජනාධිපති කාර්යාලයෙන් කැරලිකරුවන් ඉවත් කිරීමට පොලිසිය සහ ආරක්ෂක අංශ කළ මෙහෙයුම ගැන ඇතැම් තානාපති නිලධාරීන් නිකුත් කළ මාධ්‍ය නිවේදන පිළිබඳව ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිතුමා මෙලෙස ප්‍රශ්න කර තිබේ.

මෙරට සිටින විදේශ තානාපතිවරුන් කැඳවා රටේ වත්මන් තත්ත්වය දැනුම් දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

සමාජ මාධ්‍යයේ පලවන තොරතුරු මත පමණක් පදනම්ව තීරණ නොගෙන සැබෑ තොරතුරු ලබාගන්නා ලෙස ද ජනාධිපතිතුමා තානාපති නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ.

ජනාධිපති කාර්යාලය ආපසු භාරදෙන ලෙස පොලිසිය කැරලිකරුවන්ගෙන් කළ ඉල්ලීම සම්බන්ධ වීඩියෝ දර්ශන ද තානාපති නිලධාරීන් වෙත මෙහි දී ප්‍රදර්ශනය කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *