ඩලස් පිලත් පොහොට්ටුවෙන් ගැලවෙයි

 

පසුගිය දා පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිල මතයට එරෙහිව ජනාධිපති තනතුරට තරඟ කොට පරාජයට පත් වූ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කොට ඇති බව වාර්තා වෙයි

මෙම කණ්ඩායමට මහාචාර්ය චන්න ජයසුමන , මහාචාර්ය ජී එල් පීරිස් , මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු 16 දෙනෙකු ඇතුළත් වන බව වාර්තා වෙයි.

ඉදිරි පාර්ලිමේන්තු දිනෙක ඔවුන් විපක්ෂයේ ස්වාධින කණ්ඩායමක් ලෙස අසුන් ගනු ඇතැයි කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *