මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග ලැබිලා

 

ඉදිරි මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග මේ වනවිට මෙරටට ලැබී ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි.

මේ බව ඊයේ පැවති කැබිනට රැස්වීමේ දී විදුලිබල සහ බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ප්‍රකාශ කොට ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියන්නේ දැනට තිබෙන ඩීසල් තොග මාසයක භාවිතයට ප්‍රමාණවත් බව සහ පෙට්‍රල් තොග දින 22 කට ප්‍රමාණවත් බව යි.

ඩීසල් නැව් තුනක්, පෙට්‍රල් නැව් දෙකක්, සහ දැවිතෙල් නැව් දෙකක් පසුගිය කාලයේ මෙරටට ලැබී තිබේ.

බොරතෙල් නැව් දෙකක් ඉදිරි දිනවල ලැබීමට නියමිත ය.

කෙසේ වෙතත්, ඉදිරි කාලය තුළ අඛණ්ඩව ඉන්ධන සැපයීම අභියෝගයක් වී ඇති බැවින් ඉන්ධන සලාක ක්‍රමයක් දිගට ම පවත්වාගෙන යෑමට රජය තීරණය කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *