ඇමතිවරු දිවුරුම් දෙති ; ජී එල් වෙනුවට සබ්රි ; අනෙක් ඇමතිවරු එලෙස ම

 

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද දහවල් දිවුරුම් දුන්නේය.

කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි.

ජී එල් පීරිස් ඇමතිවරයා දැරූ විදේශ ඇමති ධුරය අලි සබ්රි ඇමතිවරයාට හිමිව ඇත. අනෙක් ඇමතිවරුන් කලින් දැරූ ඇමති ධුරවල ම නැවත දිවුරුම් දී තිබේ.

ආයෝජන ප්‍රවර්ධන ඇමතිවරයාව සිටි ධම්මික පෙරේරා මහතා නව ඇමති මණ්ඩලයට ඇතුලත්ව නැත

අන්තර්කාලීන ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය ලෙස දිවුරුම් දුන් පිරිස මෙසේ ය.

දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්දා, සුසිල් ප්‍රේම ජයන්ත, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්ද අමරවීර, විජේදාස රාජපක්ෂ, හරීන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, අලි සබ්රි, විදුර වික්‍රමනායක, කංචන විජේසේකර, නසීර් අහමඩ්, රොෂාන් රණසිංහ,මනුෂ නානායක්කාර,ටිරාන් අලස්, නලින් ප්‍රනාන්දු මහත්වරු අද දිනයේ දිවුරුම් දුන්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *