ජනධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පිරිස ඉවත් කරයි

 

ජනාධිපති ලේකම් කාර්යාලයේ දොරටුව අත්පත් කරගෙන සිටි පිරිස අද අලුයම සිදු කළ මෙහෙයුමකින් අනතුරුව ඉවත් කිරීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය

එහිදී පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් නවදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය

පොලිසිය යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව මෙම මෙහෙයුම සිදුකර ඇත

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *