රනිල්ගෙන් හිස් වූ එජාප මන්ත්‍රී ධුරය වජිරට ?

 

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම නිසා පුරප්පාඩු වූ එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතාට හිමිවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

එම මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසම වෙත අද දැනුම් දුන්නේ ය.

එම පුරප්පාඩුව පිරවීම සඳහා නමක් පක්ෂයේ මහා ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමට දැනුම් දිය යුතු ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *