ධම්මික පෙරේරා ඉල්ලා අස්වෙයි !

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්ව සිටි ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කොට ඇති බව වාර්තා වෙයි.

ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනයේ අවසන් කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකට සහ ප්‍රබල ඇමති ධුරයකට ධම්මික පෙරේරා මහතා පත්කරනු ලැබී ය.

අගමැති ලෙස පත්ව සිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය බිඳීම සඳහා ඒ මහතා පත් කරගත් බව දේශපාලන නිරීක්ෂකයින්ගේ මතය වී තිබිණි.

මන්ත්‍රී ලෙස පත් වන්නට පෙර ඒ මහතා තම ව්‍යාපාරවලින් ගෙවන්නට තිබු කෝටි ගණනක හිග බදු මුදල් ද ගෙවීමට කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *