|

සියල්ල ගින්නෙන් විනාශයි ; නව ජනපතිට අලුත් ඇඳුම් මහන්න වෙලා !

 

තම පෞද්ගලික නිවෙසට කැරලිකරුවන් ගිනි තැබීමෙන්  ඇඳුම් පැළඳුම් විනාශ වී ඇති නිසා නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අධික වැඩ කටයුතු අතර ඇඳුම් පැළඳුම් සපයා ගැනීමට ද කාලය වෙන් කිරීමට සිදුව ඇති බව දැනගන්නට ඇත.

රනිල් වික්‍රමසිංහ මහතාගේ සියලු ඇඳුම් ගිනිගත් නිවසේ ගින්නට හසු වී විනාශ වී ඇති බව කියති. එබැවින් පසුගිය දිනවල ද තම රාජකාරි කටයුතුවල යෙදීමට අවශ්‍ය ඇඳුම් අලුතින් සපයා ගැනීමට සිදුව තිබිණි.

රාජ්‍ය නායකයකු ලෙස ඇඳුම් පැළඳුම් ගැන ද විශේෂ සැලකිල්ලක් දැක්වීමට සිදුවෙයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිනියගේ ඇඳුම් පැළඳුම් ද විනාශ වී ඇති බැවින් ඇයට ද නව ඇඳුම් සපයා ගැනීමට සිදුව ඇතැයි කියති.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *