රනිල් එලවන “දැවන්ත ” සටන 300 කට බසී

 

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවීම වැලක්වීමට දැවැන්ත සටනක් සඳහා මහජනයා කැඳවන බව කී අන්තවාදී කණ්ඩායම්වල බලය අද දහවල් වන විට 300 ක් පමණ පිරිසකට සීමා වී තිබු බව වාර්තා වෙයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය , එයට සම්බන්ධ අන්තර් විශ්ව විද්යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ තවත් සුළු කණ්ඩායම් කිහිපයක් පමණක් මෙම සටනේ සිටින අතර එයට කිසිදු මහජන සහයක් නැති බව ආණ්ඩු පක්ෂ දේශපාලඥයෝ කියති.

ඔවුන් කියන්නේ රනිල් එලවීමේ උද්ඝෝෂණ ජනතා සහය නොමැතිව අසාර්ථක වී ඇති බවයි.

ගෝටාභය රාජපක්ෂ එලවීමේ ජන අරගලයට රනිල් එලවීමේ සටන් පාටය බලෙන් ඔබන්නට අන්තවාදී කණ්ඩායම් කටයුතු කළ ද එයට ජනතා සහයක් නැති බව රනිල් විරෝධී හර්තාල් සම්පුර්ණයෙන් අසාර්ථක වීමෙන් තහවුරු වී ඇති බව පෙනෙන්නට තිබේ.

අද අරගල බිමට රැස් වූ සුළු පිරිස ජනාධිපති මන්දිරයේ පඩි පෙළෙහි වාදී වී සත්‍යග්‍රහයක නියලී සුපුරුදු පරිදි ජනමාධ්‍යයට “වොයිස් කට” ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *